🐉09🐉

125 29 49
                                    

අපි හොටෙල් එකෙන් එලියට එනකොට ම ජිමින් සර් ගෙ phone එක රින්ග් උනා.

📲.....

" හෙලෝව්... ඔව් අප්පා...ඔව් ඒ වැඩ ඔක්කොම ඉවරයි...දැන් ඉවර වෙලා එලියට එන ගමන්...ඕන කරන හැම ඩීටේල් එකක්ම හොයා ගත්ත... දැන් තියෙන්නෙ වැඩේ කරන්න..."

" ඉන්නවා ඉන්නවා... මම එන ගමන් කෙලින්ම office එකට නෙවේ එන්නේ... යාලුවෙක්ව මීට් වෙන්න යනවා...ඒක නිසා ඔයාට කවුරුවත් එක්කගෙන එන්න විදිහක් නෑ...එයා ට්‍රයිෂෝ එකක ඒවි..."

" අයියෝ...අප්පා...මං එක පාරක් කිව්ව නේ...මට බෑ... ඒකි එන විදිහකට එයිනේ...මට බෑ ඔය එක එක හෝන්තු මගේ වාහනේ දාගෙන එන්න...වද දෙන්න එපා...තියන්නං..."

මෙයා මෙච්චර අකමැති නං මං මොකටද ඒ වාහනේ බලෙන් යන්නේ...කොහොමත් උදේ කිව්ව නේ අපි වගේ හිගන්නු නැග්ගම වාහනේ කුණු ගෑවෙනව කියල. නපුරගෙ ලොකුකම බලන්නෙ මොකටද මං...උදේ ආව විදිහට ම යනවා...

මම එහෙම හිතල ට්‍රයිෂෝ එකක් නවත්තගෙන ඒකට නගින්න අඩිය තියනකොටම...හිතන්නවත් කාලයක් නොතියා මාව පිටිපස්සට ඇදිල ගියා.

ඒ ඩිංගට නපුරා මාව ඇදගෙන එයාගෙ car එක දිහාවට යනවා... එයාගෙ අත ගසල දැම්ම මම,

" මොන විකරයක් ද සර් මේ... මට යන්න දෙන්න...මට පරක්කු වෙනවා..."

" ගිහිල්ල වාහනේට නගිනවා..."

" දුප්පත් අපට වාහන නෑ... මම උදේ ආව විදිහට ම යන්නං... මං ලොකු සර් ට කියන්නං... සර්ට ප්‍රශ්නයක් වෙන්නෑ..."

" මේ මිනිස්සු බලන් ඉන්නැද්දි මාව යක්ෂයා නොකර ගිහිල්ල වාහනේට නගිනවා..."

මම ඇහුනෙ නෑ වගේ හැරිල යන්න හදනකොට මාව ඇදල අරගෙන පැසෙන්ජර් ශීට් එකට විසි කරපු ජිමින් මට රව රව driving ශීට් එකට ඇවිල්ල වාහනේ පණගැන්වුවා...

මම ශටර් එකෙන් එලිය බලාගෙන යනකොට එකපාරටම,

" මේ අහනවා... මම කලින් අර ගෑණි ඉස්සරහ කියපුව ඔලුවට අරගෙන මගේ කරේ නගින්න එහෙම එන්න එපා... මම ඒ වෙලාවෙ එහෙම කිව්වෙ වෙන කරන්න දෙයක් නැති කමට...
නැතුව තමුසෙ වගේ හෝන්තුවකට කැමැත්තක් ඇති වෙලා එහෙම නෙවේ...තමුසෙට ලැජ්ජාවක් නැති උනාට මට ලැජ්ජාවක් තියෙනව නේ...ඒක නිසා වැඩිය උඩ පනින්න ලෑස්තිවෙන්න එපා..."

🐉♡~ගිණි පිඹින මකරා~♡🐉Where stories live. Discover now