I don't deserve this🥀

Start from the beginning
                                    

"බය වෙන්න එපා ටේ..ඒක minor injury එකක්.."

හොබී කිව්වෙ එයාට තුරුල වුණ ටේහ්‍යොන්ග් ගෙ ඔලුව අත ගාමින්...

-----------------------------------------------------------

6.30 pm
.

ජන්ග්කුක් ඔහුගේ ඇස් අරින්නටත් කලින් ඔහුට දැනුණේ ඔහුගේ හිසේ බර ගතියක්. එය වේදනාවක් නොවුනත් පුංචි අපහසුවක් ඔහුට දැනුනා.

ඔහුගෙන් නොදැනුවත්වම කෙදිරියක් පිට වූයේ ටිකෙන් ටික ඔහුගේ දෑස් පියවි සිහියට හැඩ ගැහෙද්දී.

ඔහුට ඉහළින් තිබූ දීප්තිමත් ආලෝකයට හැඩගැසීමට ඔහුගේ දෑස් තප්පර කිහිපයක් ගත්තා.
ඔහුට ඉහළින් ඇති සිවිලිම වගේම ලයිට් එකත් සුදු පැහැයක් ගත්තා. නමුත් ඔහු ඉන්නේ කොහේද කියලා ඔහුට සිතා ගන්නට බැරි වුණා.

අන්තිමේදී ජන්ග්කුක් හිතා ගත්තා එයා ඉන්නේ දිව්‍යලෝකෙ කියලා මොකද මිනිස්සු මැරුණහම ඒගොල්ලන්ට දැනෙන්නේ මේ වගේ කියලා ජන්ග්කුක්ට හිතුන නිසා.

"හොඳයි ...හොඳයි"

සිනිඳු කටහඬක් කුකීගේ පසකින් ඇහෙන්නට ගත්තා. එක පාරටම ඔහු තමන්ගේ හිස හැරෙව්වෙ ඒ කටහඬ එන දිහාවට.

නමුත් ඔහු වහාම එකට පසුතැවුනා ඒ ඔහුගේ හිස ඒ චලනයෙන් තවත් රිදුන නිසා. ජන්ග්කුක් නැවතත් තමන්ගේ දෑස් වසා ගත්තේ ඒ වේදනාව ඉවර වෙනකන්. ඔහුට ඉහළින් ඇසුනේ සුරතල් සිනහවක්.

"බලන්නකෝ කවුද ඇහැරලා ඉන්නේ කියලා"

ඒ කටහඬේ තිබුණේ පුදුමාකාර සතුටක්.

මිනිත්තු කිහිපයකට පස්සේ ජංකූක් හෙමින් තමන්ගේ ඇස් විවර කලා.

ඔහුගේ ඇස් ටිකක් බොඳ වෙලා තිබුනේ. නමුත් දැන් ඔහුට හොඳටම විශ්වාසයි තමන් ඉන්නේ දිව්‍යලෝකෙ කියලා.

මොකද කියනවනම් එයාගෙන් එහා පැත්තෙ හිටියේ ලස්සනම ලස්සන සුර දූතයෙක් නිසා. ඔව් ඒක ඇත්තමයි මේ මනුස්සයෙක් නම් වෙන්න බෑ! ඔහුගේ හිත එකහෙලාම කියා හිටියා.

ඔහුගේ ඇඳ අසල සිටගෙන සිටි පුද්ගලයා හරිම ලස්සනයි ...ඒ වගේම හරිම ethereal වගේම angelic.

ඔහුගේ රූපය එතරම් අනර්ඝයි. ඔහුගේ හිනාව හරියට දෙවියෝ ඔවුන්ගේ අතින්ම මවල වගේ.

ජන්ග්කුක්ට එකපාරටම තේරුණා ඔහු මැරිලා කියලා සහ ඔහුගේ එහා පැත්තෙන් ඉන්නේ සුරදූතයෙක් කියලා.

ඒත් පොඩි අමුත්තක් තියෙනවා සුරදූත යන්ට තටු තියෙනවා නේද? ඒත් මේ සුරදූතයා නෑ වගේ.... කමක් නෑ ...

ඔහු ඒ ගැන පස්සේ අහන්න තීරණය කලා..හුස්මක් හෙලුව ඔහු ඇස් පිරිමදිමින් ම ඇහුවේ,

"මම මැරිල කොච්චර වෙලා ද?" කියලා

ජන්ග්කුක් දැක්කෙ එයාගේ ළඟ ඉන්න සුර දූතයා ගේ මූණ කුතුහලයෙන් පිරෙනවා.

"මොනවා ගැනද ඔයා මේ කියන්නේ?"

ජන්ග්කුක් ගේ ඒන්ජල් ඇහුවෙ ඔහුගේ හිස පැත්තට යොමු කරමින්.

"මම ඉන්නේ දිව්‍යලෝකෙ ද?" මේ පාර කුතුහලෙන් ඇහුවෙ ජන්ග්කුක් .

"ඔයා ඒන්ජල් කෙනෙක් නේද?

ජන්ග්කුක් ඇහුවේ ඔහු දෙස ආදරයෙන් බලා සිටින පුද්ගලයාගෙන්.

මේ පාර ජන්ග්කුක්ගෙ ගේ angelගෙ මුනෙ ලොකු හිනාවක් ඇඳුණා. ඔහුගේ මියුරු හිනාව නිසා දිලිසුන ඇස් ජන්ග්කුක් ව ආයෙත් නිරුත්තර කරා.

අමාරුවෙන් හිනාව නතර කර ගත්ත ජන්ග්කුක් ගේ angel හොඳ හුස්මක් අරගෙන ජන්ග්කුක් දිහාට නැඹුරු වුණා.

"ඔයා මැරිල නැහැ ඒ වගේම මම angel කෙනෙකුත් නෙමෙයි. "

ඔහු කීවේ සිනහවක් එක්ක.

.
.
.

"ඔයා දිග surgery එකකින් පස්සෙ දැනුයි නැගිට්ටේ. ඔයාගේ කකුල තැන් තුනකින් කැඩිලා කිව්වොත් විශ්වාස කරනවද ?? ඒ නිසයි අපි ඔයාව surgery එකට ගත්තේ.."
.
.
.

Hello!!!

පලවෙනි අප්ඩේට් එක ගැන මොකද හිතෙන්නෙ ?🍀💜️

𝗬𝗼𝘂𝗿 𝗘𝘆𝗲𝘀 𝗧𝗲𝗹𝗹 | TAEKOOKWhere stories live. Discover now