Chapter 14

352 77 22
                                    

"ම්ම්ම්..ඔයා චොකලට් ෆ්ලේවර් අයිස්ක්‍රීම් කනවා නේද.."

ජුනී එයා ගෙනාපු අයිස්ක්‍රීම් දෙකෙන් එකක් කුකීට දික්කරන ගමන් බෙන්ච් එකේ කුකීට එහා පැත්තෙන් වාඩි උනා..

"හ්ම්..ඔයාට එපා නේද.."

ජූන්ට ලන්වෙන්න බය උන නිසාම කුකී අයිස්ක්‍රීම් එක නොගෙන ඉද්දි ජූනී හුස්මක් පාත දාලා ඇහුවා..

ඒත් කුකී ඒකට උත්තර නොදී ජූන් කියන දේවල් අහන් ඉන්න ගමන් මුහුද දිහා බලන් හිටයා.

"මට සමාවෙන්න ජන්කුක් ඔයාව මෙහෙම එක්ක ඇවිත් අපහසුතාවයට පත් කරන වට ඇත්තටම මේක මගෙ උවමනාවට උන දෙයක් නෙමේ..හැබැයි මට විශ්වාසයි අදින් පස්සෙනම් එහෙම දෙයක් සිදුනොවේවි කියලා..ඉතින් ඔයා මොන දෙයක් නිසාවත් මෙච්චර රස අයිස්ක්‍රීම් එකක් මිස් කරගන්න එපා.."

ආයෙම ජන්කුක් දිහාට අයිස්ක්‍රීම් එක දික්කරන ගමන් ජුනී කිව්වා..

ටික වෙලාවක් ජූනී දිහා බලන් හිටපු කුකී අයිස්ක්‍රීම් එක අතට අරගත්තා..

"කිම් නම්ජුන්....ඒක නේද ඔයාගේ නම.."

"ඔව්..."

"ඇත්තටම හියුන්ග් මන් දන්නවා එදා ඔයාව මට ප්‍රපෝස් කරලා තීනවා කියලා. ඒක මගේ ඔම්මයි ඔයාගේ අප්පයි කතාකරනවා මට ඇහුනා..ඉතින් මන් ඔයා ගැන හෙව්වා.."

කියපු කුකී අයිස්ක්‍රීම් එක කනගමන් ජූන් දිහා බැලුවා..

"මන් ගැන හෙව්වා..ගූගල් එකේද.."

"ම්හු...ඔයාගේ කම්පැනි එකේ මගෙ යාලුවෙක්ගෙ හියුන්ග් කෙනෙක් වැඩකරනවා එයාගෙන් දැනගත්තෙ.."

"ඔහ්..එයා මොනාද මන් ගැන කිව්වේ.."

ජූන් කුතුහලයෙන් අහද්දි මුහුද දිහා බලන් කුකී කතාකරන්න ගත්තා..

"එයා කිව්වා ඔයා මහ නපුරු කෙනෙක් කියලා. චූටි වැරැද්දත් මහ ලොකු කරලා මිනිස්සුන්ට බනිනවලු..හැමදේම නීට් එකට ඕනිලු...ඒ වගේම ගොඩක් බුද්ධිමත් කෙනෙක්ලු...එයාට හොරෙන් කූඹියෙක්ට සීනි කැටයක්වත් ගෙනියන්න බැයිලු..ඔය වගේ ගොඩාක් දේවල් කිව්වා.."

"ඉතින් ???"

"ඉතින්...ඉතින් මන් ආස මගේ ඔම්මා, හියුන්ග් මාව බලාගන්නවා වගේ ආදරෙන් බලාගන්න කෙනෙක්ට..මන් කැමති නෑ අනික් අයගෙන් බැනුම් අහන්න..මන් කැමති මගේ හබීට හොරෙන් දගවැඩ කරන්න..මට ඕනී ආදරනීය හුරතල් විදිහේ මැරේජ් ලයිෆ් එකක්..ඉතින් ඔයා නපුරුයි නම් ගොඩක් බුද්ධිමත් නම් මන් කරන හොරවැඩ දශමෙටම හොයාගනීවී.ඊට පස්සේ මට හොදටම බනීවී එතකොට මන් අඩාවී..ඔයා මට පනිශ්කරද්දි මන් ඔම්මා ලගට යන්න හදාවී..එතකොට ඔයා මට ගහාවී..මට ඒක දරාගන්න බැරිවේවී ඉතින් මන් සූසයිඩ් කරගනිවී..එතකොට මන් ජීවිතේ විදින්නත් කලින් පරලොව ඉදිවී.. ඒක දැන දැන මන් ඒ අමාරුවේ වැටෙන්න ඕනිද.."

අයිස්ක්‍රීම් එකේ අන්තිම ටිකත් කාලා ඉවර කරනගමන් ජන්කුක් එයාගේ කතාව ප්‍රශ්නෙකින් ඉවර කලා..

"ඔයත් හරියට අර කතාවේ කෙල්ල වගේ.."

"මොන කතාවෙද.."

"පරන කතාවක් තීනවා..ඒකේ කෙල්ල ලිදලග වාඩිවෙලා කල්පනා කරකර ඉන්න ගමන් එකපාරට කෑගහලා අඩන්න අරන්. එයා අඩලා තීන්නේ එයාගේ ලමයා ලිදට වැටුනා කියලා..එයාගේ ඇඩිල්ලට එයාගේ ගෙදර අයයි ගමේ අයයි කෙල්ල ලගට ඇවිත්..එයාලා කෙල්ලගෙන් අහලා කවුද ලිදට වැටුනේ කියලා..කෙල්ල කියලා මගෙ ලමයා තමා ලිදට වැටුනේ කිය කිය අඩලා.. එතකොට වටේ හිටපු මිනිස්සු අහලා ඔයාට කොහෙන්ද ලමයෙක් ඔයා කසාද බැදලවත් නෑනේ කියලා.."

"ඉතින්.."

කුකී එයාගේ හා ඇස් බෝල කරන් කුතුහලෙන් ජූන්ගෙන් ඇහුවා.

"ඉතින් මෙයා කියලා තව ටික කාලෙකින් මන් බදීවී එතකොට මට ලමයෙක් ලැබේවී ඒ ලමයට සෙල්ලම් කරන්න මන් බෝලයක් දේවී..ලමයා සෙල්ලම් කරද්දි බෝලේ ලිදට වැටේවී..ඒක ගන්න ගිහින් ලමයා ලිදට වැටේවී...ඒකයි මන් ඇඩුවේ කියලා....එයා ඒ ටික කියලා ඉවර කරද්දි වටේ හිටපු ඔක්කොම මිනිස්සු හිනා වෙන්න අරන්. එතකොටයි එයාට මීටර් වෙලා තීන්නේ ඒ ඔක්කොම එයා හිතපු දේවල් මිසක් යතාර්තය නෙමෙයි කියලා.."

ජන්කුක් ජුන් කියපු කතාව හිනාවෙවී ආසාවෙන් අහන් හිටියා උනත් අන්තිම ටික කිව්වේ තමන්ට කියලා එයාට තේරුනා..

"ඉතින් ජන්කුක් වෙන අයගෙන් මිනිස්සු ගැන අහලා දැනගන්නවට වඩා ආශ්‍රය කරලා බලන එක හොදයි..ඊටත් කම්පැනි වල ඉන්න අයව හුරතල් කරන්න ගියොත් සාර්තක බිස්නස්මන් කෙනෙක් වෙන්න බැරි වෙනවා..එහෙමෙයි කියලා පවුල් ජීවිතේ අවුල් කරගන්න තරම් මන් බොලද මනුස්සයෙකු නෙමෙයි..අනික මන් ඔයා ඔය හිතන විදිහේ කෙනෙක් උනනාම් මගේ මල්ලී අද ඔය විදිහට ඉන්නේ නෑ කියන එක ඔයාට මතක් වෙන්න ඕනී.."

"හියු-"

ජූන් කුකීගේ ඇස් දිහාම බලන් කියද්දි කුකීට කියන්න දෙයක් හිතාගන්න බැරි උනා..

"දැන් ලන්ච් ටයිම් එක. අපිට අප්පා ලන්ච් එකක් ඇරේන්ජ් කරලා.ඒකට ගියාට පස්සේ මන් ඔයාව ගෙදරට ඇරලන්නම්.. අදින් පස්සේ ඔයා මාව දාලා කතන්දර ගොතන්න ඕනි නෑ..මොකද අදින් පස්සේ අප්පා මට ඔයාව ප්‍රපෝස් කරන එක නවත්තනවා කිව්වා..එහෙනම් දැන් අපි යමු.."

ජූන් එහෙම කියලා බෙන්ච් එකෙන් නැගිටලා කුකී නැගිටිනකන් බලන් ඉදලා කාර් එක දිහාට ඇවිදින්න ගත්තා.

The little one Where stories live. Discover now