"හියුන්ගී..."
"ඇයි..."
ටේ එක්ක ඩේට් එක්කට යන්න උදේම ලෑස්ති උන ජිමින් කුකීගෙන් ඇහුවා..
"කොහෙද ඔය යන්නේ.."
"යන්නේ...මේ..හොස්පිට්ල්.."
කුකීගේ බැල්ම දිරෙව්වේ නැති ජිමින් බොරුවක් කිව්වා..
"ඔච්චර හොදට ඇදලා.."
"ඔව් ඇයි..."
"නෑ මටත් යන්න ඕනි.. මගේ මේ ඇහැ හරියට රිදෙනවා..බෙහෙත් ටිකක් ගත්තොත් හොදයි කියල හිතෙනවා.."
"ඉතින් ඔම්මා එක්ක යන්න නැත්තන් තනියෙන් යනවා එහෙම නැත්තන් යාලුවෙක් අඩගහගන්න.."
කුකී එයා එක්ක යන්න දගලයි කියලා හිතුන ජිමින් කියාගෙන කියාගෙන ගියා
"ඒ කවුරුත් මොකටද මට හියුන්ග් කෙනෙක් ඉද්දි.."
කුකියා පට්ටම අහිංසක හිනාවක් එක්ක හරි ආදරනීය විදිහට කියලා ජිමින්ගේ අතේ එල්ලුනා..
"අතාරිනවා මගේ අත.."
"බෑ.."
"අතාරින්නයි කිව්වේ..."
"මාත් එනවා.."
"බෑ...මට යන්න දෙන්වා...අනේ ඔම්මා..."
කුකීගෙන් අතගලවගන්න දැගලුව ජිමින් ඔම්මගෙ සහය පැතුවා..
"මොකද ලමයිනේ.."
"මේයාට මාවත් එක්ක යන්න කියන්නකෝ ඔම්මා..."
කුකී ඔම්මට අනුකම්පා හිතෙන මූනක් දාගෙන කිව්වා..
"කොහෙද ජිමිනී යන්නේ.."
"ශොපින් කරන්න යන්න කියලා.."
ජිමින් ඔම්මට පොඩි ඉගියකුත් එක්ක කිව්වා..
"ආ හරි හරි...කුකී එයාට යන්න දෙන්න.."
ජිමින් යන්නේ කා එක්කද කියලා දන්න මිසිස් පාර්ක් කුකීට කිව්වා..
"බෑ..මටත් යන්න ඕනී.."
කියපු කුකී ජිමින්ගේ කරේ නැගන් අර මොකාද වගේ ජිමින්ගේ ඇගේ එල්ලුවා..
"එහාට යනවකෝ වාතේ..."
කුකී බල්ල වටේ ඔතන් හිටපු අත අයින් කරන්න දගලන ගමන් ජිමින් කිව්වා