(26) හුරැබුහුටි වදකාරිය

Start from the beginning
                                    

ගාරම් ඇගේ පුංචි හුරැබුහුටි දියණියගේ පළිඟු දෑස් දෙස බලා සෙනෙහසින් සිනහාසුනා. ඇගේ පිරැනු කොපුල්... අව්‍යාජ සිනහව... ගාරම් හට සුසුම් ගැනීම පහසු කලා.

" එසේ...නම්... ප්‍රවේසමෙන්.. හැකි ඉක්මනින්.. මේ පුෂ්ප වෙළඳසැලට දී පැමිණෙන්න.. වැටහුනාද... හනුල්..... "

ගාරම්ගේ වදන්වලට පුංචි හනුල් ඇගේ ⁣හිස සොලවමින් සිනහාසුනා. ගාරම් පුංචි හනුල්ගේ වස්ත්‍ර නිසි පරිදි සකසා ඇගේ කුඩා උර මතින් පුෂ්ප පිරැන කූඩය රැදවුවා. එය ඇයට පහසු වන පරිදි සකසා ඇගේ හිසට වැස්මක් දැමු ගාරම් හනුල්ගේ කොපුලක් මතින් සිපුමක් තැබුවා.

" ඉක්මනින් ම පැමිණෙන්න... වැටහුනා ද.. හනුල්.. මෑණියන්. පහළ දිය පහර වෙතට ගොසින් සේද සෝදාගෙන පැමිණෙන්නම්.. පසුව අප දෙදෙනාම.. ඒවා ප්‍රධානි නිවස්නයට දී අහර ගමු.... ම්මම.. "

" අයිගෝ....... මෑ_ණිය_ණි..... මා හ_ට කුස ගි_නි නොමැ_ත..... අප රාත්‍රි_ය_ට අහ_ර ගනි_මු... "

හනුල්ගේ වදන්වලට ගාරම්ගේ දෑස්වල කඳුලු බිංඳු එක් රැස් වුනත් ඒවා සෙනෙහසින් බර වී තිබුනා. උපන් මෙහොතේ සිටම කටුක ගැහැට ඔවුන් වෙතට පැමිණියත් හනුල් ඇයට දිවි ගෙවීමට දිනෙන් දින පහසුකරන අයුරැ ගාරම් හොඳින් දැන සිටියා.

ඇගේ ඒ හුරැබුහුටි ක්‍රියාවන්වල තිබුන නැණවත් බව ගාරම්ව විමතියට පත් කලා. සිව්වසරක් පමණ වයසැති පුංචි හනුල්ගේ සියල්ලම ගාරම් ප්‍රාණවත් කලා.


හනුල් ඔවුන්ගේ කුඩා පැල්පතින් පිට වන විට ගාරම් විසල් සේද ප්‍රමාණයකුත් රැගෙන දිය පහර වෙත ගියා. ගාරම් දිවි ගෙවීම සඳහා හැකි පමණින් වෙහෙසව කටයුතු කලා. ඇගේ පුංචි දියණියගේ කුසගින්නට වරක් හො අහරක් ලබාදීමට ගාරම් කෙසේ හෝ උත්සහ කලා.

පුංචි හනුල් කඩවිදිය ඔස්සේ හිමින් හිමින් පා තබමින් ඇවිද ගියා. ඇය ඇගේ උරමත තිබුන කුඩා පුෂ්පයන් නොතලමින් ඇවිද යාමට ඇගේ හුරැබුහුටි පා සෙමින් සෙමින් තැබුවා.

නමුත් සිදුවුයේ කුමක් ද......





" ආාාහ්........... ම_ගේ.... පි_යු....ම්......! "

පුංචි හනුල් සිටියේ බිම පතිතවයි. නමුත් ඇගේ දෑස් රැඳි තිබුනේ ඇයට මදක් පසුපසින් බිම විසිර තිබුන ඇගේ පුෂ්ප කූඩය වෙතටයි. කඩවිදි ඔස්සේ ඇවිද යන ජනයා කිසිවක් නොදත් විලස තලා පෙලමින් ඒ පුෂ්ප මතින් ඇවිද යන විට හනුල්ගේ පළිඟු දෑස්වලින් කඳුලු බිඳු කඩාහැලෙන්නට උනා.

COURTESAN OF THE PALACE || KSJ || COMPLETED Where stories live. Discover now