(09) දෙපලු පළඳනාව

143 47 13
                                    


Memo

දෙදිනක ඇවෑමකින් පසු පුංචි සොක්ජීන් ලහි ලහියේ සුදානම් වුයේ තම පියාණන් සමඟින් මාළිඟයට යාමටයි.

" පුතුනි.. මා ඉක්මනින් පැමිණෙන තෙක් සෙබලුන් සමඟ රැදෙන්න... ! "


" එහෙමයි පියාණනින්..."



තම පියා⁣ණන්ගේ ඡායාව නොපෙනි ගිය සැනින්ම පුංචි සොක්ජීන් පෙර පුරැදු මාවත දිගේම දිව ගියේ සෙබළුන් ඔහු පසු පස දිව එන විටයි.

ගංඟාව අසල රැක් සෙවණ අසල හිඳ සිටි පුංචි සොක්ජින් හට දැනුන සුවදායක හැඟිමත් සිහින් සුළං රැලිත් ඔහුව ස්වප්න කරා රැගෙන ගියා.

සුවබර නින්දක සිටි පුංචි සොක්ජින්ගේ මුහුණට එබුනේ එතැනට රහසේ කුඩා පා තබමින් පැමිණි කුඩා හුරැබුහුටි දැරිවියයි.

පුංචි සොක්ජින්ගේ එක් පසකට බර ව තිබු හිසත්... මදක් විවරව තිබු මුවත් දෙස බලුවිට නැගුන තම සිනහාව දෑත්වලින්ම වසාගෙන සිනහාවීමට ඇය උත්සාහ කලා.

නමුත් ඇගේ කුඩා දෑත් අතරින් රිංගා පැන ගිය සිනාකැන් ⁣නින්දේ සිටි පුංචි සොක්ජින්ව නිදි දෙව්දුව තු⁣රැලෙන් මුදවා ගැනීමට හැකි උනා.

" සුබ මධ්‍යනයක්.. නිදි කුමරැනි..! "



සොක්ජින් තම දෑස් දෑත්වලින් පොඩිකරමින් සිටින විට කුඩා දැරිවිය ඔහු වෙත ළං වුයේ ඇඟේ බබළන දෑසත්.. විසිරි කඩාහැලෙන සිනහවත් සමඟින්මයි.

" පළිඟු......!! "


" කුමක් ද....? "




පුංචි සොක්ජින් පැවසු විට තම දෑස් වටකුරැ කරගත් කුඩා දැරිවිය විමසුවා.

" ඔබේ දෑස්.. පළිඟු මෙන්...බබළනවා.."

" ම්හු... ඒ පරිඟු...."

" පරිගු නොවෙයි..⁣පණ්ඩිත නදිය... ඒ පළිඟු මට නිසැකයි....!! "

පුංචි සොක්ජින් හිස සලමින් පවසන විට කුඩා දැරිවිය ⁣ඔහු අසළින් හිඳගෙන දෙපා වනමින් ඇගේ පාවහන් දෙස බලාසිටියේ නොරිස්සුමෙනි.



" කොහිද බොක්ජින්....? "

පුංචි සොක්ජින් පැවසු විට කුඩා දැරිවිය ඇගේ කුඩා නාසය රතට හරවාගෙන දෑත්වල ඇගිලි පොඩිකලා.

COURTESAN OF THE PALACE || KSJ || COMPLETED Where stories live. Discover now