බෙක්ජේ ඇතුළු අධිරාජ්‍යයන්... ශිත සෘතුව විසින් වෙලාගනු ලැබුවා. පෙර සමයක නොම වු පරිද්දෙන් එය වඩාත් කටුක සමයක් උනා.
නදි සියල්ලම මිදි යාමට පටන් ගත්තා. ශිත සමය වඩ වඩාත් දිගු වීම සහ අහර හිඟ වීමෙන් ජනයා පීඩාවට පත් වුනා මෙන්ම බෙක්ජේ ශිල්ලා සීමා වල ඇති ව තිබුන තත්වයත් පීඩාකාරි උනා.
බෙක්ජේ හා ශිල්ලා සීමා මායිම් වල යුධ වදින රණකාමින්.. ශිත සෘතුවේ පීඩාව ද දරාගනිමින් තම උපන්දේශය උදෙසා සටන් වැදුනා.
සොක්ජීන් තම දේශය සුරැකීමට දිවා රෑ නොබලා වෙහෙසෙන්නට වුනා. ඔහු තමා පිළිබඳ සිතිම පසෙක තබා තම බලකායන් උදෙසා වෙහෙසුනා.
ශිත සෘතුවේ බලපෑමත්.. අධිරාජ්‍යයන් වල බලසම්පන්නබවත් නිසාම සිව් මසක් පුරා යුධ වැදීමට සොක්ජීන් ඇතුලු බලකායන් වලට සිදුවුනා. විඩින් විඩ සිදුවන පහරදීම්වලින් වලින් කඳවුරැ ඇතුලු සීමා මායිම් රැකගැනීමට ඔවුන් නිදිනොලබාම වෙහෙසුනා.
සොක්ජීන්ගේ යුධෝපායන්... තියුණු බුද්ධිය හා කැපවීමත් නිසාවෙන් සිව්මසක සටන ජයගැන්මට බෙක්ජේ බලකායන් සමත් උනා.
නමුත් සොක්ජීන් හට නැවත පැමිණීමට හැකියාවක් නොතිබුනේ බෙක්ජේ සීමාවේ රැකවල් නිසි පරිදි පිහිටුවා ස්ථාවර කිරීමට ඔහු එහි මුලිකත්වය ගත යුතු නිසයි.
බෙක්ජේ හි රිදී පළිහ විලස ඔහු මත වුන රාජකාරීන් ඔහුගේ නැවත පැමිණිම වසරකට ආසන්න කාලයක් ප්‍රමාද කිරීමට සමත් උනා.
ඒ වන සොක්ජීන් තම රාජකාරිමය දිවිය ජයගෙන සිටියත්... හදින් ඔහු මළ මිනිසකු බඳු උනා.
යුධයෙන් සිව් මසක සිට කාල පරිච්ඡේදය පුරාවටම සොක්ජීන් දල්හ්වජේ වෙත යැවු ලිපි කිසිවක් වෙත ගාරම්ගෙන් පිළිතුරැ ලිපියක් නොලැබීම ඔහුව වඩාත් පීඩාවට පත් කලා.
ප්‍රේමයේ කටුක වින්දනයන් සොක්ජින්ව වෙලා ගත්තද ඔහු ප්‍රධාන සෙම්පති විලසින් තමා වෙතින් ඉටුවිය යුත්ත නිසි පරිදි සිදුකිරීමට වග බලාගත්තා.
තම හදේ පීඩාව මැඩගෙන සියල්ල හැකි ඉක්මනින් විසඳා නැවතත් ගාරම් වෙත යාමට සොක්ජීන් වෙර දැරැවත් ඒ සඳහා ඔහුට වසරකට ආසන්න කාලයක් බලාහිදින්නට උනා.
YOU ARE READING
COURTESAN OF THE PALACE || KSJ || COMPLETED
FanfictionA women who Reserved For Royal Mans.... A KSJ FanFiction By_Ayo Start :- 2022.07.07. End :- 2022.09.07.