(13) රාජකීය නියෝග

108 42 1
                                    


නිතිපතා සෑම රැයකම සුපුරැදු ලෙසින් වැයෙන දල්හ්වජේහි මියුරැ තනුව දසත පැතිරී තිබුනා. ගරම්ගේ කුටියට එය ඉතා සෞම්‍ය ලෙසින් ළඟා වුන නිසා එය ඉතා සුවදායි හැඟිමක් වු බව නොඅනුමානයි. තනුව ඔස්සේ ගාරම්ගේ ශ්‍රව්‍යයන් පිරි ගියත් ඇගේ දෑස් රැඳි තිබුනේ ඇගේ ම සිතුවමක් දෙසටයි.

දින කිහිපයකට පෙර සොක්ජීන්ගේ දෑතින් නිම වුන ඇගේ සිතුවම දෙස බලා සිටිමට ඇය කැමැත්තක් දැක්වුවා. වරෙක ඒ තමා ම දැයි ගාරම් ඇගෙන්ම විමසුවත් එයට ඇගේ මුවඟ සියුම් සිනහවක් නැගුනා පමණයි.

සිතුවමේ වු සියුම් රේඛාවන් වර්ණ ගැලපීම් සියුම් ලෙස ස්පර්ශ කරන වරක් වරක් පසා ගාරම් හට සිහියට නැගුනේ සොක්ජීන්වයි.

ඇය දෙසට යොමු ව තිබු ඔහුගේ ගැඹුරැ දෙනෙත්.. ඝන ඇහිබැම.. පින්සලක් සිරව තිබුනත් එහා මෙහා යන සොක්ජීන්ගෙ දරදඬු දෑ⁣ත... ලිහිල් ලෙස තිබුන සේදය නිසා අඩක් නිරාවරණය වී පෙනෙන ඔහුගේ පපු තලය...

ඒ මොහොත නැවත නැවතත් ගාරම්ගේ සුසුම් සිරකිරීමට සමත් චිත්තාකර්ෂණීය හැඟිමක් උනා. .


" ගාරම්..... දෝලාව සුදානම්..... ! "



තම කුටි ද්වාරය අසළින් ඇසුන හඬ නිසා ගාරම් තම දෑත් අතර රැඳි සිතුවම ගෙන සුරක්ෂිතව බහාලුමින් තැබුවා.

කැඩපතින් පෙනෙන තම රැව දෙස මදක් බලාහිඳ ගාරම් අසුනින් බට උනා. තම සේදය නිවැරදිව සකසා ගත් ඇය ඇගේ රක්ත වර්ණ සේද කබාය ගෙන කුටියෙන් පිටවුනා.

දල්හ්වජේ ඉදිරිපිට නවතා තිබුන දෝලාව දැකීමෙන් ගාරම්ගේ හද ⁣නොසන්සුන් සිතිවිලිවලින් පිරි ගියා. තම දෝලාවත්.. එහි අවසාන ගමනාන්තයත් හුදෙක් ඇයව නොසන්සුන් කිරීමට සමත් කරැණක් වු නිසා ගාරම් බරැති සුසුමක් උසුලාගෙනම දෝලාව වෙත පිය මැන්නා.










ගාරම් රැගත් දෝලාව දල්හ්වජේ සීමා මායිම් පසු කරමින් ඉදිරියට ඇදෙන්නට වුනා. නමුත් වේගයෙන් දල්හ්වජේ වෙතට ඇදුන සොක්ජීන් ගේ අසුට හෝ සොක්ජීන් හට ඒ බවක් නොහැඟුනා. වටපිටාවේ ඇති ව තිබු කිසිඳු කරැණක් සොක්ජීන්ගේ මඟ පලදු කිරීමට හෝ සිහියට පැමීණිමට සමත් නොවුනා.

තම අසුගේ වේගය බාල කරවු සොක්ජීන් නිවැරදි ලෙසින්ම දල්හ්වජේ ද්වාර අසළ තම අසු නවතාගත්තා. අසුගෙන් බට වුන සොක්ජීන් උදම් තේජසින් යුතු පා තබමින් දල්හ්වජේ වෙත ඇවිද ගියේ ඔහු වටා තරැණියන් එක්රැස් වන විටයි.




" සෙම්පතිතුමා.. කලකින්........ !! "






තරැණියන්⁣ගේ හෝ.. මනදොල් සංසිඳුවා ගැනීම සඳහා දල්හ්වජේ වෙත පැමිණි තරැණ ඉලන්දාරින්ගේ කසුකුසුවන් කිසිඳු ලෙසින් නොතැකු සොක්ජීන් අවසානයේ නතර වුයේ ගාරම්ගේ හිස් වු කුටිය තුළයි.

සොක්ජීන්ගේ මුවඟින් සුසුමක් පිට වුයේ ආයසයකින් තොරවයි.





" සමාවන්න සෙම්පතිතුමනි.. ගාරම් රාජකීය නියෝග මත මාළිගය වෙත ගියා.. මීට සුළු මොහොතකට පෙර.."








ගාරම්ගේ සේවිකාව පැවසු විට හිස සැලු සොක්ජීන් ඇඟේ කුටියේ වු කුඩා මේසය අසළ අසුන් ගත්තා.



ගාරම්ගේ සේවිකාව පැමිණ සැකසු සංග්‍රහය දෙස බලාසිටි සොක්ජීන් දෑස් වසා හොඳින් සුසුමක් ලබාගත්තේ සිතට දැනෙමින් පැවතුන නොසන්සුන් අකීකරැ හැඟිම නිසයි.

හෝරා කිහිපයක ඇවෑමෙන් සොක්ජීන් දල්හ්වජේ සිට පිටතට පැමිණියේ ගාරම්ගේ පැමිණිම පිළිබඳ අවිනිශ්චිත බව හොඳින්ම දැන සිටි නිසයි.







" රා..ජ...කී..ය.. නි...යෝ..ග...! "








දල්හ්වජේ වෙත ආලෝකය සැපයීමත් මඟහැර සැඟව ගොසින් සිටි චන්ද්‍රයා සොයමින් වෙහෙසුන සොක්ජීන්ගේ මුවඟින් ඒ වදන් ගිලිහි ගියේ නොපහන් හැඟිම් මුසු පරිද්දෙනි.













හැඟිම් නිසා නොසන්සුන් වුන සෙම්පති සොක්ජීන්

Oops! Ang larawang ito ay hindi sumusunod sa aming mga alituntunin sa nilalaman. Upang magpatuloy sa pag-publish, subukan itong alisin o mag-upload ng bago.

හැඟිම් නිසා නොසන්සුන් වුන සෙම්පති සොක්ජීන්......






______________________________________

COURTESAN OF THE PALACE || KSJ || COMPLETED Tahanan ng mga kuwento. Tumuklas ngayon