(23) බොඳ වුන ඡායා

Start from the beginning
                                    

" ඕහො.. ගාරම් මාගේ කඩවසම් බව දරාගත නොහැකිව නුඹ වශියකටවත් අසු වුනා ද...? නැතිනම්.. ඊර්ෂ්‍යාවක්වත් හටගත්තා ද...? "




" විය හැකි... නමුත් මට ඉන් ඵලක් නැහැ... ! "



" කිමද....?? "





" යුධ පෙරමුණේ එකඳු කාන්තාවක් හො නැති නේ.... ඉදින් මා හට ඔබතුමාගේ කඩවසම් භාවය පිළිබඳ කිසිඳු තැකීමක් නැහැ....! "





" නූඹ... ආඩම්බරකාරිය....! "







ගාරම් සොක්ජීන් වෙතින් පලා යාමට සැරසුනත් සොක්ජීන් ඇයව අල්වා ගෙන ඔහුගේ තුරැලට ගත්තා. ඇගේ මුහුණ පුරා හාදු තැවරැ සොක්ජීන් ගාරම්ගේ නළලත මත ඔහුගේ නළල තබා දෑස් වසාගෙන හොඳින් හුස්ම ගත්තා.







" සෙම්පතිතුමනි..... සමය එළඹිලා..! "










දොක්මෝගේ හඬින් සොක්ජීන් ගාරම්ගෙන් ඉවතට වුනේ ඒ ගැඹුරැ දෑස්වල කඳුලු පිරැනු හැඟිම් රාශියක් පුරවාගෙනයි.

සොක්ජීන් දෙසම බලා පළිඟු දෑස්වලින් සිනහාසුන ගාරම් ඔහුගේ අසිපත ඔහු වෙතට ලබාදුන්නා.

සොක්ජීන්ගේ නිහඬබවත් නොබිදෙන බැල්මත් නිසාම ගාරම් ඔහුගේ දෑත් තම සියුම් දෑතින් අල්වා ගෙන කුටියෙන් පිටතට පැමිණියා.

සුන්වො නදි අසබඩ රැස්ව සිටි සොක්ජීන්ගේ විසල් බලකාය දෙස ගාරම් පුදුම වුන දෙනෙතින් බලාසිටියා.

දොක්මෝ පැමිණ සොක්ජීන් උදෙසා සුදානම් කල අසු ඔවුන් අසළින් නතර කලා. සොක්ජීන් තම අසුගේ බඳ පටිය අල්වා ගෙන ඔහු වෙතට නැගිමට ගියත් නැවතත් ඔහු ගාරම් වෙත පැමිණ ඇයව තරයේ වැළඳගත්තා.




" එය අපහසුයි.. ගාරම්.......!! "






අවසන් මොහොතකට ⁣මුලපුරා ඇති බවක් සොක්ජීන්ගේ හද විඩින් විඩ පවසා රිදුම් දෙන විට සොක්ජීන් තවත් තරයේ ඇය වැළඳගත්තා.

තම හදට දැනෙන නොසන්සුන් හැඟිම නිසා ඇය හැරදා යාම සොක්ජීන්ට අපහසු වුනා.




" හැකි ඉක්මනින් මා වෙතට යළි එන්න ස්වාමීනි.....! මගේ ප්‍රේමයත්.. මාත් ඔබ උදෙසා බලාසිටින්නම්.. ස්වාමිනී... තවත් ප්‍රමාද නොවි පිටවන්න සෙම්පතිතුමනි.. බෙක්ජේහි රිදි පළිහ විලසින් නැගි සිටින්න සෙම්පතිතුමනි...!! "






COURTESAN OF THE PALACE || KSJ || COMPLETED Where stories live. Discover now