chapter 10 (The last chapter) ♥️💫

2.8K 307 92
                                    

උදේම ඇහැරුනේ කෝල් එකකට.

"කව්ද අප්පා උදේම වද දෙන්නේ..."

එහෙම කියාගෙන ෆෝන් එක බලනකොට දේව්ගෙන් කෝල් එක. මේ යකා කුරුල්ලෙක්ද මන්ද උදේම ඇහැරගෙන මොනව කරනවද.

"හෙලෝ..."

"Good morning mr. Nehan"

"Good morning දේව්."

"මොකද කරන්නෙ මගෙ සුදු බෝලේ. පස්සට අව්ව වැටෙනකන් නිදාගන්නෙ මොකද"

"ඔයා කොහොමද මන් නිදි කියල දන්නෙ"

"දන්නෙද? දන්න හැටි බලන්න ඔය සදලුතලෙන් පහල මලුවට වැඩලා කුමාරයානෙනි"

"ඉන්න මොකක්. ඔයා අපේ ගෙදර ආවද"

"ආවද තමා මන් උඩට එන්න කලින් බහින්නයි කිව්වෙ."

"ඉන්න මන් ඉක්මනට එන්නන්"

දෙයියනේ මෙන්න මෙයා අපේ ගෙදර ඇවිත්. ආ මට කියන්න බැරි උනා. මෙයා දැන් අපේ ගෙදර හොද පුතානෙ.

අම්මටයි නැන්දටයි මෙයාගෙත් තොර ලෝකයක් නෑ දැන්. අපේ ගෙදර ඇවිත් තියනවා දේව් දවස් තුනක් විතර.

උඩ තට්ටුවට ඇවිත්නන් නෑ. අම්මල එක්ක කතා කරල මාත් එක්කත් කතා කරල යනවා. මේන් අදත් ඇවිත්. ඒකයි මට කෝල් අරන් නැගිට්ටෙව්වෙ. මන් ඉක්මට මූන හෝදන් ඇදුමක් මාරු කරන් ආවා පහලට.

"සුදු පුතා. කව්ද මේ ඇවිත් තියෙන්නෙ බලන්න"

මන් පහලට එනකොටම අම්මා කිව්වා.

දේව් පහල සැටියෙ ඉදන් මන් දිහා හිනා වෙවී බලන් ඉන්නවා.

"දේව් පුතේ ඕන් බලන්න අපේ කෙනා නැගිටින වෙලාව. පස්සට ඉර වැටෙනකන් බලන් ඉන්නෙ"

ඕන් ඉතින් අපේ අම්මා මට වැඩේ දෙනවා. දේව් බක බක ගාල හිනා වෙනවා.

"ඒකනෙ අම්මා. මන් මේ උදේ ආවෙම ඊයෙ රිසල්ට් වලට සුබ පතන්න. කොහෙද නිදිනෙ."

දේව් අපේ අම්මට කියන්නෙ අම්මා කියලා. අපේ අම්මාටත් දේව් ආවම එයාට වඩා කෙනෙක් නෑ.

කොහොම අපි සාලෙට වෙලා කතා කර කර හිටියා හිනා වෙවී. කට්ටියම සතුටෙන් නිසා මමත් සතුටෙන්. ගොඩක්ම සතුටු දවස් ගානකින් දේව්ව දැක්ක නිසා. මට එයාව ගොඩක් දැනෙනවා. මගදි අම්මා ඉස්කෝලෙ යන්න ලෑස්ති වෙලා ආවා.

ආඩම්බරකාරයෝ 🔥🔞 (Complete)जहाँ कहानियाँ रहती हैं। अभी खोजें