chapter 2 ♥️💫

2.4K 314 24
                                    

නෙහාන් උදේම ඉස්කෝලෙ යන්න ලෑස්ති උනේ ඊයෙ පීටී සර් අද ඉදන් උදේට වොලිබෝල් ප්‍රැක්ටිස් කරන්න කිව්ව නිසා. කොහොම හරි සෙහාශ් එක්ක උදේ ඉස්කෝලෙට ගියා.

"අඩෝ මේ අරුන් දෙන්න අපිට අද මොන පෝරියල් එකක් දෙයිද දන්නෙ නෑ නේද."

"යමන්කො බලන්න."

මන් එහෙම කියාගෙන අරූ එක්ක ground එක පැත්තට ගියා.

"නෙහාන් අර අරුන් දෙන්න නේද අපිට එන්න කියල අත වනන්නෙ. අපි දෙන්නට අද හරි වගේ"

"ගෑනි වගේ දොඩවන්නැතුව වරෙන් යන්න."

අයියල දෙන්න ඉදගෙන හිටියෙ පැවිලියන් එකේ පඩිපෙල ලග. අපි දෙන්න එතෙන්ට ගියාම

" උබල මොකද අද කලින් ඇවිත් මෙහෙ බඩගාන්නෙ" චාමර අයිය ඇහුව.

"අයියෙ අපි වොලිබෝල් ප්‍රැක්ටිස් කරන්න ආවා"

" ඊයෙ උබල චන්ඩි වගේ දිව්වනෙ. අද තෝ ground එකේ සේරම පොලිතින් අහුලපන්. තෝ changing room එකම අස් කරපන්." චාමර අයිය කිව්ව.

රූම් එක අස් කරන්න කියල ඇගිල්ල දික් කලේ මට. අපෝ ඒක ඇතුලෙ කුනු ගොඩක්. එපා වෙනව. මුන් කැතම විදිහටනෙ අපෙන් ආතල් ගන්නෙ. මොනා කරන්නද තරහ ගියත් කට පරිස්සන් කරගෙන මොකුත් නොකිය හිටිය.

ඒ සේරම වෙනකන් අර උස යකා බස්සෙක් වගේ කට පියන් ඉදල මන් දිහා බලල කැත විදිහට හිනා උනා.

යකෝ මේකගෙ දත් ටික බඩට යන්න දෙන්න තිබ්බනන්. මන් ඌට ඔරව ඔරව ඉන්නකොට ඌ මට ඇගිල්ල දික් කලා.

" මල්ලි මොකෝ උබ නලුවද ශර්ට් එකේ උඩ බොත්තම් දෙක ගලවගෙන ඉන්නේ. දාගනින් මගෙන් කුනුහරප නොහා."

එහෙම කියාගෙන උන් දෙන්න එතනින් ගියා. අර යකා මන් දිහා අමුතු බැල්මක් දාගෙනම තමා ගියේ.

මේක යකෝ උගෙ ඇදුම මන් ඇදන් ඉන්නව වගේනෙ කතාව. මන්නන් දායි බොත්තන් කාටවත් ඕන නිසා.දාන්නෙම නෑ බොත්තම.



කොහොම හරි දේව් චාමර එක්ක එතනින් ගියාට පස්සෙ සෙහාශ් ගියා ground එකට සුද්ද කරන්න. ඉතින් නෙහානුත් ගියා රූම් එක සුද්ද කරන්න කියල.

ආඩම්බරකාරයෝ 🔥🔞 (Complete)Where stories live. Discover now