chapter 1♥️💫

4.4K 384 35
                                    

නෙහාන්..........................................................


"යමන් යමන්. අපෝ උබ අදත් පරක්කුයි බන්."

"ඉන්නවකො ටිකක් ශේප් එකේ ක්ලාස් එකට මාරු වෙමු. ප්‍රිෆෙක්ට්ලට අහු වෙන්නෙතුව. යකෝ සෙහාශ් බූරු වැඩ කරන්න එපා මී හරකො. උබ නිසා තමා මට දවසක කෙල වෙන්නෙ. මෙන්න මෙහෙ මගෙ පිටිපස්සෙන් වරෙන්."

බූරු යාලුවෙක් එක්ක ජීවත් වෙන්න අමාරුයි කියල මේ හරකා මට ගොඩ සැරයක් මතක් කරල දීල තියනව.

සෙහාශ් එක පාරටම ගේට්ටුවෙන් ඇතුලට දුවන්න හදනකොට මන් පැනල අල්ලගත්තා.

"පන්ඩිතයා එහෙනන් පල එකටම."

ඇත්තටම කිව්වොත් අපි දෙන්නා අද පරක්කු උනා ඉස්කෝලේ යන්න. ඒකත් මේ මගෙ අතිජාත මිත්‍රයා එනකන් බස් හෝල්ට් එකේ හිටපු නිසා.

මමයි සෙහාශුයි එකම පන්තියේ. 12 bio. පොඩි කාලෙ ඉදන්ම මගෙ යාලුවා මගෙ සහෝදරයා උනේ සෙහාශ්. ඒක නිසා ඌයි මායි ඕන දේකට එකට තමා.

මන් සරලවම පට්ට අහංකාර කොල්ලෙක්. මූනන් එහෙම නෑ. ඒත් ඌත් මන් වගේම පොරක් තමා. ඒකනෙ මැඩම්ලා අපි දෙන්නව එක තැන තියන්න කැමති නැත්තෙ.
(ඔන්න මන් ගැන පොඩි විස්තරයක් කිව්ව ඈ.)

කොහොම හරි අපි දෙන්නා පරක්කු වෙලා ඉස්කෝලෙ ඇතුලට ශේප් එකේ පැනගත්තෙ සිකුරුටි අංකල්ටත් පොඩි පැනියක් දාගෙන. නැත්තන් මිනිහ අපිව නවත්තගත්තොත්.

ඒ වෙලේ ප්‍රිෆෙක්ට්ල හිටියෙ නැත්තෙ පලවෙනි පීරියඩ් එක පටන්ගන්න ඔන්න මෙන්න නිසයි. උදේ ගාතා කියල ඉවර වෙලා ටිකක් වෙලා.

යංතං ඇතුලට කාටවත් පේන්නැතුව ඇවිත් 6 වසරෙ හෝල් එක පිටිපස්සෙ ඉස්කෝලෙ තාප්පෙ අයිනෙන් අපේ ක්ලාස් එක පත්තට යනකොටම

"ඕයි. තමුසෙල දෙන්න ඉන්නව ඔහොමම. දිව්වොත් බලාගෙනයි"

අපෝ මොකෙක් හරි යකෙක් අපේ පිටිපස්සෙ ඉදන් බෙරිහන්දෙනව. මොනා කරන්නද දෙන්නම නැවතුනා. කියල හිතුවද අපරාදෙ කියන්න අපි දෙන්නටම තියෙන්නෙ එකම මානසික මට්ටමක් නිසා දෙන්නටම එක පාරට එන්නෙ එකම වගේ අදහස්.

අපි දෙන්නම පස්ස නොබල දිව්ව පංතියටම. ආව මෙතන මොකා උනත් අපිව නවත්තන්න.

ආඩම්බරකාරයෝ 🔥🔞 (Complete)Où les histoires vivent. Découvrez maintenant