chapter 7 ♥️💫

2K 277 13
                                    


නෙහාන්....

Sport meet එකට පස්සෙ අපිට ගොඩක් ඉගැන්නුවා. හරියට නිකන් අපෙන් මැඩම්ලා තරහක් පිරිමහනව වගේ. ඒ නිසා මොකුත් කරන්න වෙලාවක් ලැබුනෙ නෑ ඉගෙනගන්නව ඇරෙන්න. මේ වාර විභාගනන් සාපයක්.

දේව්ව හැමදාම දැක්කට මන් ශේප් වෙලා ගියා. මන් හිතන්නෙ දේව්ලටත් ගොඩක් උගන්නනවා. එයා දැන් 13 වසරෙනෙ. කොහොම හරි සති දෙක තුනකට පස්සෙ අපිට පෝය දවස බ්‍රහස්පතින්දයි නිදහස් දිනේ සිකුරාදායි වැටිල සෙනසුරාදා ඉරිදා කොහොමත් නිවාඩු නිසා එක දිගට දවස් 4ක් නිවාඩු. සැප තමා ඉතින්.

"ඕයි නෙහානයො ට්‍රිප් එකක් සෙට් උනා මොකද කියන්නෙ යමුද"

"කොහෙද කවද්ද කාත් එක්කද."

"විහගයි තරුනුයි එක්ක බන්. උන්ගෙ යාලුවො දෙන්නෙක් එනවලු. ඔක්කොම 6යි"

"කොහෙද යන්නෙ"

" බදුල්ලෙ. මේ නිවාඩු දවස් හතරෙ යමු."

"යන් එහෙනන්. මේ මගුලෙ ජීවිතේ ඇති වෙලා"

කොහොම හරි මටත් මේ ඒකාකාර ජීවිතේ එපා වෙලා තිබ්බෙ. කතා උන විදිහට සෙහාශ් බදාදා හවස අපේ ගෙදර ආව හෙට උදේ දෙන්න එක්ක යන්න. අපි දෙන්න රෑ බෑග් අස් කරලම නිදාගත්තා.

උදේම නැගිටල ඇදගෙන එහෙම අම්මටයි චූටි නැන්දටයි වැදල පිටත් උනා. ඒ දෙන්නට මන් ගියාම පාලු නිසා මන් කොහේ හරි යනකොට මූනවල් ඇබුල් කරගන්නවා. පරිස්සමෙන් ගිහින් ඉක්මනට එන්න කිව්වා දෙන්නම.

රේල්වේ ස්ටේශන් එකේදි විහගයි තරුන්වයි එනවා කිව්ව අනිත් උන් දෙන්නයි හම්බෙන්න තීරනේ කරන් හිටියෙ. කොහොම හරි අපි ස්ටේශන් එකට යනකොටම වගේ විහගලත් ඇවිත් තිබ්බා.

"කොල්ලො දෙන්න ට්‍රිප් එකක් ගාටන්න වගේ"

"ඔව්නෙ හම්පඩයො දෙන්නෙක් එක්ක මේ ට්‍රිප් එකක් යන්න කියල"
මන් කිව්ව.

"කෝ බන් අර එනව කිව්ව අනිත් උන් දෙන්න. කීයටද ට්‍රේන් එක තියෙන්නෙ. පරක්කු නැද්ද"

"නෑ නෑ අවුලක් නෑ. මන් කෝල් කලා උන්ට. බස් එකෙන් බැස්සලු. දැන් එනවත් ඇති ස්ටේශන් එකට."

ආඩම්බරකාරයෝ 🔥🔞 (Complete)Where stories live. Discover now