chapter 5 ♥️💫

2.1K 300 16
                                    

දේව්....

එදා නෙහාන් මගෙ පොත් ටික ගත්තට පස්සෙ ඒ වෙලෙන් පස්සෙ මන් එදා දවසටම එයාව දැක්කෙ නෑ. ඊට පස්සෙ දවසෙ ප්‍රැක්ටිස් කරන්න එන නිසා එදා උදේ පැවිලියන් එකේ හිටියත් ප්‍රැක්ටිස් වලට නෙහාන් අවෙ නෑ.

සෙහාශ් තනියම ඉන්නවා දැක්ක නිසා මන් හිතුවා වගේම එදා නෙහාන් ඇවිල්ල නෑ ඉස්කෝලෙ.

ඊට පස්සෙ දවසෙත් ඒ කියන්නෙ සිකුරාදා මන් සතුටෙන් හිටියෙ එයාව හම්බවෙන්න. ඒත් එදාත් එයා ඇවිල්ල නෑ වගේ. සෙහාශ්ගෙන් අහන්න ඌව හෙව්වත් ඌ හිටියෙත් නෑ.

එදා දවස් දෙකේම මන් දවසම sport meet එකට වැඩ කරන්නයි ෆුට්බෝල් ප්‍රැක්ටිස් කරන්නයි ground එකට වෙලා හිටපු නිසා පොත් තිබ්බෙ නෑ කියලා ගානක් තිබ්බෙ නෑ.

ඒත් ඒ දගකාර අහංකාර ඇස් දැක්කෙ නැති නිසා පාලුවෙන් හිටියෙ. ඉන්නවකො ආව දවසට හොද වැඩක් කරන්න කියල හිතන් හිටියා.

සදුදත් උදේ ඉදන් නෙහාන්ව දැක්කෙ නැති නිසා මන් හිතුවෙ අසනීප වෙලා ඇති කියල. ඒත් ඉන්ට්වල් එක වෙලේ එයා කොල්ලො රෑනක් එක්ක හයියෙන් හිනා වෙවී දගල දගල ඉන්නවා දැක්ක නිසා මන් සතුටෙන් හිටියෙ එයාව දැක්ක නිසා.


ඉස්කොලේ ඇරිලා පීටී රූම් එකෙ ෆුට්බෝල් ටික තියලා බෑග් එක ගන්න එනකොට ඈත නෙහාන් එනව දැකල මන් හැංගුනේ එයා මොකද කරන්නෙ කියල බලාගන්න.

මගේ බෑග් එකට මගෙ පොත් දානවා දැකල මට හිනා ගියා. හොරා වගේ හෙමින් හෙමින් ආව හැටි විතරක්. ඊට පස්සෙ මන් එයාව අල්ලගන්න කියල පස්සෙන් යනකොට එයා ටොයිලට් එකට යනවා දැක්ක.

මන් කොහොමහරි ඇතුලට යනකොට එය අත හෝදනවා. මන් එනව දැකලා කන්නාඩියෙන් එයා බැලුවා. එක පාරටම මාව දැක්ක ගමන් ටිකක් ගැස්සුනා.

හොරගෙඩියා හොර වැඩක් කරපු නිසා මාව දැක්කම ගැස්සෙනවා. ඒත් එක්කම ලොකුකමට එතනින් යන්න වගේ හැදුවත් ඒත් එක්කම මම ලොකු දොර වැහුවෙ කාටවත් ඒකට එන්න බැරි වෙන්න.

මන් එයාව ගොඩක් දවසකින් දැක්කෙ නැති නිසා අද සතුටෙන් හිටියෙ. අනික මට එයාට මගෙ පොත් ගත්තාට පාඩමක් උගන්නන්න ඕනෙ උනා. වැරදි එක්කෙනා එක්ක හැප්පුනේ එයා.

ආඩම්බරකාරයෝ 🔥🔞 (Complete)Where stories live. Discover now