ඔක්කොම අමතක කරල සතුටෙන් ඉන්න ඒක ඉවරයි කියල කියුවා 

ඒකෙන් මගෙ හිතට පොඩි සැහැල්ලුවක් ලැබුන

වැටෙනකොට අල්ලගන්න වරදිනකොට හරිගස්සන්න පුලුවන් ආදරවන්තයෙක් ඉන්න එක හැම දේටම වඩා වටිනව

මම ශිරාන්ගෙ අත මිරිකල පොඩි හිනාවක් දාල ආයෙ ලෝයර් බන්කුවට ආවෙ නඩුකාරය සර්න් බරන් ගගා ඇදුම හොලව හොලව එයාගෙ බෙන්ච් එකට එනව ඈත ඉදන් දැකපු නිසා

නඩුකාරය එයාගෙ අතේ තිබුන කොලේ බලාගෙන කියවන්න පටන් ගත්තා

"සිල්වියා දික්කුබරගේ මරණය සදහා පැහැදිලිවම සාධාරන සැකයෙන් ඔබ්බට ඔප්පුකල හැකි සාක්ශි ඉදිරිපත් වෙලා තියෙනව

ඒ අනුව ඇගේ මරනය සිය සැමියා විසින් හිතා මතා සැලසුම් සහගතව සිදුකරනලද මරණයක් බවට ඔප්පු වෙනව

එමෙන්ම ශිරාන් මරණයට පත් කිරීමට වික්ක්‍රම බලවර්ධන පැහැදිලිවම උත්සහ දරා ඇති බවත් ඒ සිද්දියේ ප්‍රතිපලයක් ලෙස ඒඩ්‍රියන් කුල්තාඩ් (ශිරාන් එලවගෙන ගිය වාහනේ මැරිල හිටපු ඩ්‍රයිවර් ) නැමැත්තා ගාතනය වී ඇති බවත් හොදින් පැහැදිලි උනා

සෝම දාස විජේනායකගේ මරණය (සෝමෙ....ශිරාන්ගෙ තාත්තා)  ටද බලවර්ධන සෘජුව සම්බන්ධබව මනාව ඔප්පුවීම නිසා ඔහු ඒ මිනීමැරුම ද සිදුකල අපරාධකරු බවට මේ ගරු අධිකරනය තීරනය කරනවා

නඩුකාරය උසාවියේ දොරවල් වහලා ලයිට් ෆෑන් ඕෆ් කරන්න කියල කියුවා 

උසාවිය ඇතුලෙ ඉදිකටුවක් දෙකට කැඩෙන සද්දයක්වත් ආවෙ නැ

නඩුකාර තැන කන්නාඩි දෙක ගලවලා හරි බරි ගැහිලා වාඩි උනා 

තමන් විසින් ලියපු නඩු තීන්දුවෙ අන්තිමට අස්සනක් දාල පෑන දෙකට කඩල බිමට දැම්ම

මේ වෙනකොට ෆෑන් ඕෆ් කඩපු නිසා උසාවිය ඇතුලෙ හොදටම රස්නෙයි

"ඉතා සූක්ශම ලෙස සැලසුම්කර දරුණු විදියට මිනිස් ජීවිත කිහිපයක්ම බිලිගත් දරුනු මිනී මරුවෙකු ලෙස වික්‍රම බලවර්ධන මේ සමාජයේ තවත් සිටීම සියලු දෙනාටම හානිකර බැවින් ඔහුට මරණ දන්ඩනය නියම කරමි

case කේස්Where stories live. Discover now