ep 68

765 133 1
                                    

Ep 68

අම්පාරෙ ඉපදුන මට අලි කියන්නෙ අමුතු මැජික් එකක් නෙමෙයි

කොලබ අය උදේ හවස බල්ලො බලල්ලු පාර දිගේ දකිනව වගේ 

අපේ ගමේ රෑට අලි හක්කලන් කරනවා

අලිත් මිනිස්සු වගේ තමයි හැම එකාම හොදත් නෑ හැම එකාම නරකත් නෑ

අපේ ගෙට වන්ගු දෙකක් පහලින් හැම දාම කොට ඇලට වතුර බොන්න යන අලි රන්චුවක් ඉන්නව

කිසිම දවසක මනුස්සයෙක්ටවත් බෝග වගාවකටවත් හානියක් උන්ගෙන් නෑ

ගොඩක් විට මේ අලි ර්‍රන්චුවල ඉන්නෙ ගෑනු සත්තුයි පැටවුනුයි විතරයි

පැටවූ ලොකු වෙලා නාබර වෙද්දි උන් රැලෙන් පන්නනවා

ගෑනු සත්තු විතරයි ඉතුරු වෙන්නෙ

අලි පට්ටි වැටෙන කාලෙට කඩවසම් ඇත්තු අලි රැලට එකතුවෙලා

ගෑනු සෙට් එකට වැඩේ දීල හෝමෝන ක්‍රියාකාරීත්වය අව්සන් වෙන කාලෙදි රැලෙන් අයින් වෙලා යනව

එහෙම එන නාබර පිරිමි අලි එකිනෙකා ගහගන්නව

එහෙම ගහගෙන ගුටිකෙලගෙන ඉතුරුවෙන අලින්ට විතරයි ඩිස්ටි ඩිඩින් කරන්න චන්ස් එක ලැබෙන්නෙ

අනික් මද කිපුනු අලි හිතේ හෙන තරහක් තියාගෙන තනියෙම කැලේ එහෙ මෙහෙ යනව

අන්න එහෙම අලියෙක්ට තමයි තනි අලියා කියන්නෙ

තනියෙම යන මේ අලි සෙක්ස් නැති නිසා පිස්සු වැටිලා ඉන්නෙ

ඉස්සරහට අහුවෙන ඕනෙ සතෙක්ට එලවගෙන ගිහින් උන් පහර දෙනව

ඒකයි මිනිස්සු තනියට අලි රන්චුවකට වඩා බය

විශාල හල් මිල්ල ගහක් අස්සෙන් ඔලුව දාපු දඩාර අලියා දැක්ක ගමන් මම දැන ගත්තා ඌ නම් තනි අලියා තමයි

ඇස් රතුයි...පනු දල බාගෙට කැඩිලා...වල්ගෙ කෙදි සටනින් පැරදිලා දිනපු අලියා ගලවලා

මූ පරාජිතයෙක් කියල අනික් අලින්ට පේන්න කන් පෙති දෙකම ඉ රලා

ඌට සිද්ද උන අවමානෙට අලිය ඉන්නෙ තරහෙන්

ඒ අස්සෙ කොහෙවත් නැති මෝඩ මිනිස්සු හතර දෙනෙක් උගේ වැයික්කියට ඇවිත් 

case කේස්Where stories live. Discover now