ep 15

1.3K 195 3
                                    

ඇත්ත බොරුව අතර ඇහි පියැල්ලක වෙනසක් තියෙන්න පුලුවන්

ඒ නිසා මම ඇස් ඇරියෙ බයෙන්

ඊයෙ උනු හැම දේම හීනයක් වෙලා බොදවෙන්න පුලුවන් ඇස් ඇරලා නැගිට්ටාම

ඒක බොරුවක් නෙවෙයි

හරි කෙලින් බලාගෙන මූනට සෙන්ටිමීටරයක් දුරෙන් එයා හිටියා ලාවට හිනාවේගෙන

"වස්තුව....ගුඩ් මෝනින්....හොදට නින්ද ගියාද?"

එකපාර කතා කරගන්න පුලුවන් මට්ටමක නොහිටි නිසා පොඩි හිනාවක් දාලා

මම ලොකු ඈනුමක් ඇරල ඇගේ ඈලි මෑලි ගතිය ගන්න අතපය හතර දිග ඇදලා එහෙට මෙහෙට ඇබරුනා

"ආඅ....කෝලම...චූටි පූස් පැටියෙක් වගේ නෙ"

ශිරාන්ගෙ ඇගිලි මගේ ඇහේ කොන තිබුන කබ පියල්ලක් අයින් කරන ගමන් කියුව

"කොයි වෙලේද නැගිට්ටෙ"

"නැගිටින්න නිදා ගන්න එපැයි"

"ඇයි මෙට්ටෙ මාරු උනාම නින්ද යන්නෙ නැති ලෙඩේ ඔයාටත් තියෙනවද? අපෙ අම්මට වගෙ"

"මට නම් එහම් අපහසුවක් නෑ...පරාල ඇනයක් උඩ උනත් නින්ද යනව"

"එහෙනම් නිදා නොගත්තෙ"

"එක තප්පරයක් හරි අපතෙ යවන්න ලෝබ හිතුනා

ඔයා මෙහෙම මම් ලග ඉන්නෙ නෑනෙ හැමවෙලේම

ඉන්න වෙලාවෙ උපරිම ඔයාව බලන්න අතගන්න ඉබින්න මට ඕනෙ උනා"

"ඕ...ගෝශ්....මට නම් මෙලෝ මලදානයක් තේරුනේ නෑ....මලාවගේම නින්ද ගියා...මෙහෙම ඒසී එකක නිදියන පලවෙනි වතාවනෙ"

"ඔයා නිදියන් ඉන්නකොට හරිම ලස්ස්නයි...පුන්චි මුව පැටියෙක් වගේ"

"සිරස්වට...මම හීනෙන් ගොරවනවද....නැත්තන් හීනෙන් කියවනවද

මට බලාගන්න ඕනෙ මම නිඩ්ගියන විදිය වීඩියෝ කරලා"

"නෑ ඔයා දගලන්නෙ නෑ...දෙසැරයක් විතර එහෙට ම්හෙට හැරුනා එක පාරක් මාව බදාගෙන ඇගට තද කරගත්තා"

"මම හිතන්න ඇති මගෙ අමතර කොට්ටෙ ඔයා කියලා....කොහොමත් මම් නින්දෙන් මගෙ දෙවැනි කොට්ටෙ කකුල් දෙක අස්සෙ ගහගන්නව"

case කේස්Where stories live. Discover now