ep 56

709 147 4
                                    

Ep 56

"සාෂා මට බෑ බන් උබ කියන ඒව පිලිගන්න ....උබ නිකන් රෑ හතහමාරෙ බෙල්ට් එකට චුයිම්ගම් වගෙ ඇදෙන මල්කතා පිටපත් ලියන එක්කෙක් වග්නෙ කතා හදන්නෙ

උබ කැලුම් හෙ අම්මගෙ රෙද්ද අස්සෙන් අහුවෙච්ච ෆොටෝ එකක් බලලා ශිරානුයි කැලුමයි නිවුන් සහෝදරයො කියනවනෙ"

"නෑ බන්...දවසක් ශිරානුයි එයාගෙ මම්මී ෆෝන් එකෙන් රන්ඩු වෙනව මම අහගෙන හිටියා...එතැනදි ඒ ගෑනි කියුවා...උබ අමතක කරන්න එපා උබට මේ සුර සැප ඔක්කොම හම්බුනේ අපේ විකී නිසා

එයා උබව පාර අයිනෙ කුනු ගොඩෙන් මේ මාලිගාවට නොගෙනාවනම් උබ පොඩි කාලෙම බල්ලො ඇද ගිහින් කාල 

අඩුම තරමෙ ඒ ගුනේවත් තියපන්....අපිට විරුද්ද වෙන්න කලින්"

"" ඉතින් උබ ඒක ගැන ශිරාන්ගෙන් වැඩි දුර ඇහුවෙ නැද්ද?""

""අම්මෝ ඕව අහල අපේ එෆෙයාර් එකත් නවත්වන්න වෙන්නෙ

පස්සෙ පස්සෙ ශිරන මට එයාගෙ විස්තර ටික ටික කියුවට මුලදි මට කිසිම 

දෙයක් කියුවෙ නෑනෙ....මම් හිතන්නෙ එයාට මාව හරියටම විශ්වාස කරන්න කල් ගියා...ඒත් පස්සෙ එයා මාව සම්පූර්නයෙන්ම විශ්වාස කරලා ටිකින් ටික ඔක්කොම කිය කිය හිටියේ...ඒත් එයා එයාගැන ඔක්කොම කියන්න කලින් මේ ලෝකෙන්ම ගන්න ගියා""

"ඔය ඔය ඉතින් ආයෙ අඩන්න ගත්ත....මචන් සාෂා දැන් අඩලා වැලපෙන කාලෙ ඉවරයි...මේක සටන් කරන වෙලාව....වැඩිය සන්වේදී වෙන්න එපා ආවේග ශීලී වෙන්න එපා...එහෙම උනොත් අතර මැද අපි දුර්වල වෙලා පරදිනවා....පහුගිය දවස් වල කරා වගේ කාගෙන ඉතුරු ටිකත් යමන්

දැන් කියපන් ඇයි උබ හිතන්නෙ ශිරාන්ගෙ හදගත්තු අම්මයි තාත්තයි මැරිලා කියලා"

"මම් දන්නෙ නෑ ඇයි කියලා....ශිරාන් කැමතී අගවන්න එයාගෙ අම්මයි තාත්තයි දුර රටක ඉන්නව කියල"

" ඒත් උබ මට දවසක් කියුවනෙ උබලගෙ හෙදර ගිය පලවෙනි දවසෙම ශිරාන්ගෙ අම්ම කියල ඉන්ග්‍රීසියෙන් කතා කරන ගෑනු කෙනෙක් උබලගෙ අම්මට කතා කරල ශිරාන්ව උබලගෙ ගෙදර තියාගන්න කියුව කියල"

case කේස්Where stories live. Discover now