ep 43

804 157 2
                                    

Ep 43

ශිරාන් ගොඩක් දුර ගියා වෙන්න බෑ

එයා ඇදල හිටියෙ ගල් ශෝටයි ස්කිනියයි

අනෙක එයා ට සෙරෙප්පු නැතුව ගොඩක් දුර ඇවිදින්නත් බෑ..පර්ස් එක අරන් ගියෙත් නෑනෙ

මම කල්පනා කරලා හොස්ටල් එකෙන් පිට ශිරාන්ගෙ බැච් එකේ කොල්ලො බෝඩ් වෙලා ඉන්න ගෙදරකට ගියා

එතැනදි පීත්තයයින් පාත්තරෙයි මුන ගැහුනා

"අයියෙ ශිරාන් අයිය දැක්කද""

"ආඅ...ඔවු බන්..ඌ මොකක් හරි අවුලකින්ද"

"එහෙමත් නෑ...බෝඩිමට ආවෙ නැති නිසා බලන්න ආවෙ...අයියල කොහෙදිද ශිරාන් අයියව දැක්කෙ"

"ඌ පිස්සෙක් වගේ ජන්ගි කලිසමකුයි ස්කිනියකුයි ගහන් සෙරෙප්පුත් නැතුව බාර් එක ලග හිටියා..

බම්බුවගෙ බර්ත්ඩේ එකට අපි බියර් පාටියක් දාන්න බාර් ගියාන්බියර් ගන්න එතැන සිරා හිටියා...

අපෙන් සල්ලි ඉ ල්ලුව පස්සෙ දෙන්න

අපි කතා කරා අපි එක්ක සෙට් වෙලා ගහන්න

ඌට තනියෙම ගහන්න ඕනෙ සල්ලි දෙන්න කියුව

අපි එකතු කරලා 5000ක් දුන්න...අපිත් උගෙන් නිතර සල්ලි ඉ ල්ලගන්නවනෙ නිතර...ඒක නිසා අතේ තිබ්බ ඔක්කොම එකතු කරලා දුන්න

අපිට යන්න කියලා ඌ බාර් එකට ගියා""

පීත්තයගෙන් ලැබුන තොරතුරු අනුව මම බාර් එකට ගියා

ඇත්තටම ඒ මගෙ පලවෙනි බාර් ගමන 

ඒක කලුවර අපිරිසිදු ගදගහන තැනක් 

මට සිගරට් ගදට වමනෙ යන්නත් ආව

වැඩි හරියක් හිටියෙ දවසෙ බර වැඩ ඉවර කරලා ඇගේ අමාරුබට ගල් කාලක් ගහල යන්න ආපු කම්කරුවො

එයාල බොන සුරුට්ටු වලින් ගොබෙටි පුච්චන ගදක් ආවෙ

එකෙක් බුලත් කෙල පාරක් මම ඇවිදගෙන යන ඉස්ස්ස්‍රහට ගහුවා තා පොඩ්ඩෙන් මගේ ඇගේ 

තව සෙට් එකක් කපුටො රැලක් වගේ මෙලෝ තාලයක් නැතුව ජොතිපාලගෙ සිරිඅමෙ සාරා කියනව වරද්ද වරද්ද

case කේස්Where stories live. Discover now