ep 33

846 157 3
                                    

Ep 33

නයා ඇදෙනව....පටු හුබස් අස්සෙන් පෙන ගෙඩිය පුප්පගෙන

මහතට කොටට හිටපු නයා

කොලොම්පුරට ලන්වෙද්දි හීනියට දිගට දකින්න පුලුවන් අහසෙ ඉදන් බැලුවනම්

ඕනෙ පෙල පාලියක් ...පෙර්හැක් ....මැරතන් හරි බයිසිකල් තරගයක් මෙහෙම ඉ ලාස්ටික් වෙලා දික්වෙනව නේ දිගට ඇදෙද්දි

වාහන් පාරෙ එක පැත්තක හොදටම ට්‍රැෆික්

සමහරු අකැමැත්තෙන් සමහරි කැමත්තෙන් තවත් සමහරු සාප කර කර අපි දිහා බලන් හිටියා

මේ පවතින සිස්ටම් එකට කැමති නෑ...ඒත් ඒක වෙනස් කරන්න කෑගහන්න එන්න වෙලාවක් නෑ අපිට...අපි වෙනුවෙන් විරෝධය ප්ලකරනවට ස්තූතී සමහරු එහෙම හිතන්න ඇති

නිකන් ඉන්න බැරුවට ....මුන් නටන විකාර....අපේ බදු සල්ලිවලින් කැම්පස් ගිහින් නිකන් කාලෙ කනව...ඉගන ගන්න ගියානම් ඉගන ගන්න එපැයි කෙහෙල්මල රට හදන්න යනව....මගේ එකෙක් නම් මලාට ලන්කාවෙ කැම්පස් එකට යවන්නෙ නෑ...ඉගන ගන්න ටිකේ බොරුන්කර කර ඉදලා අවුට් උනාම ලැජ්ජ නතුව රස්සාවල් ඉ ල්ල ඉ ල්ල ආයෙමත් උද්ගෝශනේ කරනව

සමහරු එහෙමත් බනින්න ඇති

මල..රෙද්ද...වෙලාව කීයද පොඩි එකා ගෙදර තනියෙම ඉක්මනට ගෙදර යන්න හිටියා මදැයි...හවස් වරුවම පාරෙ තෙලුත් පුච්චන්...වීල් එකේ තව හයර් එකක් දුවාගන්න තිබ්බ වෙලාව...බත් මුල් පහයක් වැඩිපුර විකුනන්න තිබ්බ චාන්ස් එක නැති උනානෙ මේ උලම්මුන්ගෙ මොන්ගල් වැඩ නිසා

එක එක මිනිස්සුන්ට අරගලෙ ගැන විගිද අදහස් කැලතෙනව ඇති

ඒත් අරගලේ දිගට ඇදෙනව

තරුණ හඩට සවන්දෙන්න...නාකි කුරුල්ලො (කාක්කො මයිනො ගිජුලිහිනි) මේ මැරෙන ලන්කාව අතහැරලා ගෙදර යන්න...එක පෙලට ආයෙ ආයෙ ඇහුනා

මම සෙනග ගොඩේ ඉස්සර්හටම වේගෙන් ඇවිද්දා

නයාගෙ වල්ගෙ හරියෙ තිබ්බ ශාන්ත නිසල බව ඔලුව හරියෙ නෑ...හරිම කලබලයි සද්දෙයි

ගිරිය යටින් කෑගහන කොල්ලන්ගෙ බොත්තම් දෙක තුනකුත් ඇරිලා

මිට මොලවපු අත් ඉහලට ඉස්සිලා තිබුනෙ රුසියන් කොමියුනිස්ට් පක්ශ කොඩිවල තිබුන රටාවට

case කේස්Where stories live. Discover now