"නෑ නෑ ඒක නෙමෙයි හේතුව

මගේ එකවුන්ට් එකේ සල්ලි ඉවර නිසා මට අම්මගෙ එකවුන්ට් එකෙන් සල්ලි මගෙ ඩෙබිට් කාඩ් එකට ඔන්ලයින් ට්‍රාන්සර් කරගන්න හැදුවෙ

මොකද අපෙ අම්ම ඔය ඔන්ලයින් වැඩ වැඩිය දන්නෙ නෑ

නිකමට මම අම්මගෙ එකවුන්ට් එකේ ට්‍රාන්සැක්ශන් හිස්ට්‍රි එක බැලුවම මම මහ පුදුම දෙයක් දැක්ක

හැම මාසෙම අම්ම ලොකු ගානක් ඉන්ග්ලන්ඩ් වල ගිනුමකට දාල

ඒ ගනුදෙනුව දිගට බලන් යද්දි 

ශිරාන් අයිය මැරුන දවස වෙනකන්ම ඈතට යනව

ශිරාන් අයිය මැරුන දවසට දවස් දෙකකට පස්සෙ තමයි ලොකුම ගානක් යවල තියෙන්නෙ"

"ඈ...ඒකියන්නෙ ඔයාගෙ අම්ම කාට හරි කොන්තරාත්තුවක් දුන්නද ශිරාන්ව ඉවර කරන්න

පස්සෙ මිනීමරුවව එන්ගලන්තෙට යැවුව වෙන්න පුලුවන්"

පවන් ශර්ලොක් හෝම් මූඩ් එකට ඇවිත් කොරොස් කට්ට වගේ රැවුල් කොට මිරික මිරික කියුවා

"ම්ම්ම් මෙහෙම වෙන්නත් බැරි නැද්ද 

එන්ගලන්තෙන් කුලී මිනීමරුවෙක්ව හයර් කරා

උගෙ අයකිරීම වැඩී...එකපාර ගෙවා ගන්න බැරි නිසා ඒශිලගෙ අම්ම මිනිහට ටිකින් ටික ඉන්ස්ටෝල්මන්ට් විදියට පේකරනවද දන්නෙ නෑ"

පැන්චි අලුත් අදහසක් ඉදිරිපත් කරා

" හරි මොනව උනත් අපි ක්‍රමයක් හොයාගන්න ඕනෙ මේ සල්ලි යන්නෙ මොන එකවුන්ට් එකටද කියන එක දැනගන්න...

ඔයාට බැරිද ඒශල් ....ඉන්ටර්නෙට් එකෙන්ම ඒක හොයන්න"

" බෑ සාෂා අයියා...ඒකට ඇක්සස් ඩිනායල් කරලා තියෙන්නෙ

වැඩි විස්තර ඕනෙ නම් බැන්කුවට යන්න වෙනව

ඒත් මේවෙලාවෙ ඒක සුදුසු නෑ

අම්ම මැරිල ඉද්දි දුව එකවුන්ට් එක යූස් කරනව කියන එක බැන්කුවට තේරුනොත් එයාල කේස් අදිනව"

"ම්ම්ම් ඒක හරියන්නෙ නෑ එහෙනම්

අපිට බැරිද ඩේට ට්‍රයිඇන්ගුලේශන් ටෙක්නික් එක යූස් කරන්න

case කේස්Where stories live. Discover now