පවන් නඩු කාරයෙක් තීන්දුවක් දෙනව වගේ ඇදලා කල්පනා කරලා කියුවා

"ඔවූ ඒක හරි...මේ අභිරහස විසදන්න තියෙන යතුර...අපිට ඒකිගැන මොනව හරි දෙයක් දැනගන්න පුලුවන් අර අලි ඔලුවගෙන් විතරයි

සත්තයි මේපාරත් ඌ කට වහන් හිටියොත් මම උගේ දිව එලියට ඇදලා අරන් කපනවා"

"ඕ පින්වත් සාෂා සන්සුන්වන්න...සන්සුන්වන්න...වයිරයෙන් දිනාගත හැකි කිසිත් අපට නැත""

ටින් ටින් කාටූන් එකේ ටිබෙට් කන්දක ඉන්න නකි ලාමෙක් වගේ පවන් කියවද්දි ම්ම ඌට ටොක්කක් ඇන්න ..මේ බැරෑරුම් තත්වය ජෝක් එකකට ගත්තට

අපි ඊලග දාවසෙ කැලුම් ව මුන ගැහෙන්න ආයෙමත් හිර ගෙදර ගියා

"ඇයි මේ වද දෙන්නෙ...ගියපාර ආවම ආයෙ එන්නෙ නෑ කියලනෙ ගියේ

මෙහෙම ආයෙ ආයෙ එන එකෙන් මටවත් ඔහෙලටවත් හොදක් වෙන්නෙ නෑ"

කැලුම් සුපුරුදු නොරිස්සන ස්වරයෙන්ම කියුවෙ අපේ මූනුවත් නොබල

"මේ කැලුම්...ම්ම දන්නෙ නෑ තමුසෙ කවුරු රකින්න ඕනෙ නිසා කට වහගෙන ඉන්නවද කියන එකනම්

එත් තමුසෙ මේ හිර ගෙදරට වෙලා කාගෙ හරි උවමානාවට ගොලු වෙලා ඉද්දි තමුන්ගෙ ජීවිතේ වටින දේවල් එකින් එක විනාශවෙලා යනව"

"මරනෙට නියම උන මිනිහෙක්ට ට්නවත් කොනවද වටින දේවල්"

"තමුසෙගෙ නඩුව අහන්නවත් පටන්නොගෙන තීන්දුව ගැන වදවෙන එක මෝඩ කමක්

ඒත් දැන ගන්නව තමුසෙ ආදරේ කරන දේවල් තුනක්ම දැන් තර්ජනයට ලක්වෙලා

එක තමුසෙගෙ ගෙයින් කොටසක් ගිනිතිබ්බ

දෙක ට්නමුසෙගෙ අම්ම මැරෙන තරමට අමාරුවෙන් ඉස්පිරිතාලෙ එයාව කවුරු හරි උවමනාවෙන්ම හප්පල මරන්නම කරපු වැඩක්

තමුසෙ මේ රහස රකිනව කියලා සල්ලි ගත්තනෙ

ඒ සල්ලිවලින් අම්මට සලකනව කියුවනෙ

ඒ කිසි දෙයක් කරන්න බැරිවෙයි"

"මොනවා උබලා මොකශ්ද මගේ අම්මට කරේ කියපන්...තොපි මගේ අම්මට මොකද කරේ "

case කේස්Where stories live. Discover now