ඒත් මට ඒ කිසි දේකට ප්‍රතිචාර දක්වන්න බෑ

මගෙ ඇස් පිය විලා මූනෙ එක මාන්ශ පේශියක් වත් හොලවල හිනාවෙන්න බෑ

දිව හොලවල කතා කරන්න බෑ

මුලින්ම උනේ මාර නින්දක ඉදපු මම එක පාරට නැගිට්ට වගේ දෙයක් හිතට දැනුනා

හිතට දැනුනට ඒක ඇගට දැනුනෙ නෑ

ලාවට ගුමු ගුමු ගානව වගේ සද්ද ඇහුනත් මට ඒව පැහැදිලිව තේරුනේ නෑ

මේතරම් කල් නොදැනුන රස්නය හීතල තෙත වගේ දේවල් දැනුන නිස හිතේ තිබ්බ නිදහස නැතුව ගියා

සමහරවෙලාවට ඇග කහන්න පෙරලන්න ඕනෙ උනත් ඒක කරන්න බැරි එක වදයක්

කක්කි චූ නම් ප්‍රශ්නයක් නෑ

සේලයින් එකෙන් විතරක් දියර ජාති විතයි දෙන්නෙ...ඒව චූ විදියට ගියත් මුත්‍ර බට දාපු නිසා බෑග් එකකට එකතුවෙනව කවුරු හරි ඒව අයින් කරනාව ඇති

ඊටත් පස්සෙ මට එක එක තැන් රිදෙන බව දැනුනා

ඔලුව වම් කක්කුල පපුවෙ මැද පිට කොන්දෙ යට හරිය...මම හිතන්නෙ හොද උනේ නැති තුවාල තාම රිදුම් දෙනව

පස්සෙ මට මගේ වටෙන් ඇහෙන සද්ද තේරුම් ගියා

නිතර ඇහුන කටහඩවල් අතරෙ නර්ස්ලගෙ දොස්තර්ලාගෙ කටහඩවල් වගේම ඇටෙන්ටන්ට් කෙනෙක්ගෙ කටහඩ ඇහුනා

මම හිතන්නෙ මාව බලාගන්න ඩොකාම ඇටෙන්ඩන්ට් කෙනෙක් දාල

මොකද මම එයාගෙ පරියේශනයෙ පරියේශනාගාර මීයෙක් නිසා ඩොකා එයාගෙ රිසර්ච් එකෙන් සල්ලි දීල ඇටෙන්ඩන්ට් එනෙක් තියල මම ලග ඒකත් මම දැන ගත්තෙ පස්සෙ 

අදුනන කට හඩවලට පවන්ගෙ කටහඩ ඇහුනා....අපේ බැච් එකේ කොල්ලො කෙල්ලන්ගෙ කටහඩවල් ඇහුනා...වැඩ්පුර ඇහුනෙ පවන්ගෙයි පැන්චිගෙයි කටහඩවල් 

මට හොදටම ඇහෙන දේවල් තේරුම්ගන්නත් පුලුවන් උන දවසක ඇහුනා

"ආආ...නැන්දා ...අපේ ගෙදර ගිහින්ද ආවෙ" ඒ පවන් 

"ඔවූ පුතේ ...පුතාගෙ අක්ක...ඉස්පිරිතලෙ ලගින්ම බැස්සුව"

"ආ...ඒක හොදයි මම එයාට කියල ආවෙ නැන්ද එයි කියලා"

case කේස්Where stories live. Discover now