38

645 102 30
                                    

දිගු කාලයක් වසා ඇති
මෙම සීතල හා හිස් කාමරයේ
මෘදු ලෙස හමා ගිය ඔබේ සුවඳ සමඟ
මම නොදැනුවත්වම උද්යෝගිමත් විය.

අවසානයක් දකින්නට නොහැකි වූ දිගු රාත්‍රිය
දැනටමත් දීප්තිමත් වී ඇතැයි සිතමි ඈත් වූ මගේ හදවත ඉක්මනින්ම ආයෙත්

ඔබ නොදන්න මගේ වෙව්ලන හදවත
මම දිගටම ඔබ දෙස බලා
සිටිමි මම බලා සිටිමි, ආපසු හැරී බලන්න
ඔබ මේ වගේ මගේ හදවත දන්නේ නැහැ

සීතලට ගුලි වෙච්ච මගෙ හිතම දැන් පාලුවට ගිහින් එයා එක නොදන්නවා වගෙ මගෙන් දුරට ඇදෙනකොට මම බලන් හිටියා... කල්පයක් හරි මම වෙනුවෙන් බලන් ඉන්නම් කියපු නිසා... මම හිතුවා එකම එක පාරක් ආයෙ මගෙ දිහා එයා බලලා මා ගාවට එයි කියලා.... එත් මොකක්ද වුනේ දැන් සති දෙකක් වෙනවා මගෙන් සස් දුරට ගිහින් මොන කරුමයක්ද මමම මට වෛර කරනකොට අපේ කාමරේ පුරාම එයාව මැවිලා පෙනවා මට කදුලු එනවා... රත්නපුරේ ගිහිනුත් හෙව්වේ නැති තැනක් නෑ... නංගිගෙ අසනීපෙන් පස්සෙ මගෙන් යන්නම යන්න ගිහින් තිබ්බෙ මගෙන් අවසරවත් නොගෙන... වනීශ් කියන දඩබ්බර හිත දැන් වීදුරුවක් වගෙ... නිතරම කැඩිලා යනවා. කලුවර මේ කාමරේ ඇතුලෙම සස්ගෙ සුවදින් මගෙ හිත වැහෙද්දී අමු පිස්සෙක් වගෙ නොකා නොබි අඩනවා ඇරෙන්න මට මුකුත්ම කරගන්න බැරි වුනා.......

මේ තරම් රිදෙන එකද ආදරේ... මාව එයාට ඇබ්බැහි කර ගෙන එයාගෙ නංගි වෙනුවෙන් මාව පැත්තකට විසි කරන එකද සස් ගෙ ආදරේ... ඒ ආදරේ එච්චර ලේසි නම් ඇයි මේ මගෙ හිතම ගිනි ගන්නෙ ඇදට ගියත් පිස්සුවෙන් එයාගෙ සුවද හොයන්නෙ ඇයි.... ඇයි ඇයි මමම විතරක් මේ අප ආදරේන් දුක් විදින්නෙ..........

මම දන්නවා කාටවත් මාව ගානක් නෑ... ඉපදුන දවසෙ ඉදන්ම මම තනි වුන මිනිහෙක්. වැඩි කාලයක් මොකෙක්වත් මන් ලග රැදුනේ නෑ. එකට හේතුව අදටත් මොකක්ද කියන්න මම දන්නෙ නැති වුනත් මේ ලෝකෙ මට අයින් කරන්න බැරි එකම දේ වුනේ ඔමෙත් සස්වීක වයි. බලෙන් හරි මගෙ කරගන්න ඕනෙ වුන එක මගෙ වැරැද්දක් වුනත් මේ පපුව පැලෙන තරමටම මම එයාට ආදරේ කරා. මගෙ ආදරේ, ඉරිසියාව පිරුණෙ එයා වෙනුවෙන් විතරක් වුන කොට මම අද විදවන්නෙ මේ හිතේ මට ඕනේ එකම කෙනා එයා නිසාමයි.

💙ඔබ අභියස🖤 (Complete)Where stories live. Discover now