24

695 119 19
                                    

විරාජ් එක්ක ඉදලා ඔෆිස් ආවේ 8 පහු වෙලා. කෑ ගහන්න එකෙක් වත් නෑ. මම කල්පනා කරේ විරාජ් අද කිව්ව දේ ඩොක්ට සකුන් ගැන. බලන් ගියාම වෙනදා වගෙ නෙවේ ආයෙ බලන්නවත් ආවේ නෑ... වෙනදට නම් එනවා ටිකක් වෙලා කතා කර කර ඉන්න. වනිශ්ගෙ ටේබල් එක හිස් තාම ඇවිත් නෑ.

"අඩෝ සස්... තෝ පරක්කුයි.."
"විනාඩි 10යි බං..."
"ඔව් ඔව්... උඹ පරක්කු වුන එක අවුලක් නෑ කියපන්කො අද අර බෝස් ලා දෙන්නම ලීව් ද කොහෙද?"
"මොන..."
"උඹේ නංගි උඹේ හිටිය බොසුයි..."
"අද නිසාත් නැද්ද?"
"නෑ බං... ආහ් එනිවේ අපිට ඕවා වැඩක් නෑ අන්න එනිවේ උඹට එන්න කිව්වා ආව ගමන්.." මට වැඩක් නැති වෙන්නෙ කොහොමද පගෝ..ඌ මගෙ මිනිහා... අම්මා බැන්නාවත්ද? සැක් මට ඉක්මනින් යවන්න තිබ්බේ. එකාතකට මම යවන්න හදද්දිනේ මගුලක් කරේ.. ආයිෂ්... මම කොණ්ඩේ අවුල් කර ගනිද්දී ආයෙ මනුජ කතා කරා.

" ඕයි උඹ යන්නෙ නැද්ද බොසා ගාවට..."
"ආහ් අමතක වුනා.."
"ආහ් එහෙමද?"
"ඕහ්..."
"ඕයි... උඹ ඊයෙ කොහෙද ගියෙ..."
"කොහෙ යන්නද බං.."
"පලයන් යන්න බෙල්ල බලපන් බෙල්ල... තොට බීට් තියෙනවා."
"තෝ හිතුවද මට ලාදුරු කියලා. මටත් එකෙක් ඉන්නවා ලව් කරම්න." ගස්සලා දාලා ආවේ ආයෙ ඕකට වෙන මුකුත් අහන්න ඉඩ නොදීමයි. අර බල්ලට කිව්වා මාර්ක් තියන්න එපා කියලා... මේ වේලාවට තමා අම්මා මුත්තා මතක් වෙන්නෙ...

"එක්ස්කියුස් මී සර්.." දොරට තට්ටුවක් දාලා මම කතා කරාම.

"යස් කමින් සස්වීක..."
"සර් මට එන්න කියලා තිබ්බා."

"ආහ් ඔව්... මේකයි අර ස්කූල් එකෙ එකවුන්ට් සෙට් එක ටිකක් හදිස්සි... අනික අද නිසාන්කාත් ලීව් ගත්තා."
"ඇයි සර් එ..."
"ඒ ලමයට අසනීප වෙලා. කෙල්ලෙක්ගෙන් අසනීපෙ අහන්න බෑනෙ සස්වීක ඕනර් එකෙක්ට.."
"ආහ්..."
"අනික අර ඔඩිට් ඉලන්දාරියත් ගෙදර කරදරයක් කියලා ලීව්..."
"ආහ්... හරි සර් මම මනුජ එක්ක එකවුන්ට් සෙට් එක යන්න කලින් හදලා යන්නම්..."

මම එහෙම කිව්වා නම් තමයි. එත් විරාජ්ව බලන්න යන්න ඔනෙ නිසා ඉක්මන් කරන්න වෙනවා. ඉතින් මම එළියට ඇවිත් ෆෝන් එක ගත්තේ වනීශ්ට කෝල් එකක් දෙන්න.. ඒ එක්කම වනීශ් මට කතා කරා.

"හේයි මොකක්ද යකෝ වුනේ.."
"මුකුත් නෑ සස්. අම්මාගෙ අච්චි ලෙඩ වෙලා ඉතින් එයාව ගමේ එක්ක යනවා. සොරි හරිද? මම ෆෝන් ඕෆ් කරනවා... පරිස්සමින් ඉන්න හොදේ... බුදුසරණයි ආදරේයි මැණික.." එක හුස්මට කියලා මම කතා කරන්නත් කලින් එයා ෆෝන් එක තිබ්බා. අම්මා බැන්නද මන්දා...

💙ඔබ අභියස🖤 (Complete)Where stories live. Discover now