19

773 135 48
                                    

කොච්චර අමුතුද කියනවා නම් දැන් මම මෙහෙ ඇවිත් දවස් 5ක් වෙනවා එත් තාම වනීශ් එක මැසෙජ් එකක් දැන්මේ නෑ. කෝල් එකක්වත් ගත්තෙ නෑ... සිග්නල් වැඩ කරන්නෙ නැති නිසා ඩේටා ඔෆ් තිබ්බේ මුළු කාලෙම. කොහොමත් අද අපි යන්න ඕනේ.. මගෙ ඇනුඅල් ලීව්ස් ඉවරයි. අපි දවල් 12 බස් එකෙන් ටවුන් එකට යන්න පිටත් වෙන්න කලින් අම්මා කෑම පොදි බැද බැද දුන්නා.

"මගෙ පුතාලා දෙන්නාට රත්නත්තරේ පිහිටයි. පරිස්සමින් යන්න... සුදු කන්න හරිද? ඔය ටිකක් ඇග දාලා ආවා විතරයි.."
"හරි අම්මා."
"ඔය දෙන්නට බැරිද මෙහෙන් මොකක් හරි ජොබ් එකක් හොයාගන්න.."
"අම්මා ඔයා නොදන්නවා වගෙනෙ අනේ කියවන්නෙ මෙහෙ කෝ ජොබ්.."

අපි දෙන්නම අම්මට වදින කොට ඒ ඇස් වල කදුලු පිරිලා ඔව් අදින් පස්සෙ මේ ගේ ඇතුලේ ආයෙත් අම්මා තනි වෙනවා.

අපි බස් එකට ඇවිත් නැග්ගාමයි විරාජ් ෆෝන් එක ඔන් කරේ...

"අයියෙ මෙච්චර වෙලා ෆොන් ඔෆ් කරලද තිබ්බේ."
"ඔව් මම හැමදාම ගෙදර ආවාම ෆෝන් ඔෆ් කරනවා."

ඔන් කරපු ගමන් මැසෙජ් පිට මැසෙජ් එනවා.

"ගෑණු තුනට ඔච්චර පාලුද බං."
"ගෑණු තුන නෙවේ මිනිහා."
"උඹ කොල්ලො ගහනවද?"
"මගෙ නෙවේ තොගෙ... බලපන්."

ෆෝන් එකෙන් දැක්කෙ වනීශ් ගෙ මැසෙජ් කෝල් 200 ගානකට වඩා..

"ඇයි මට ගත්තෙ නැත්තෙ.." මම පොඩ්ඩක් කල්පනා කරා... දෙයියනේ මම නම්බර් වෙනස් කරා. 😅 වට්සැප් එක විතරයි ෆෝන් එකට.

"මොනවද කියලා තියෙන්නෙ..."
"උඹව අහලා තියෙනවා."
"එච්චරද?"

"උඹම බලාගනින්..."

මැසෙජ් වල හිගාකාලා වගෙ මැසෙජ් කරලා මට කතා කරන්න කියලා.

අපි කොළඹට එද්දී 6 වගෙ වෙලා. ඒ කරලා අපි කොටුවේ පොඩ්ඩක් ඇවිදින්න ගියා. බිරියානි දෙකක් කාලා ස්ප්‍රයිට් එකක් බීලා ඕනෙම කියලා මම කිව්ව නිසා අයිස් ක්‍රීම් දෙකකුයි කඩචෝරු කලා බෝඩිමට යන්න හෝමාගම බස් එකෙ නැග්ගා.

අපි ගෙදර එද්දී හවස 6ත් පහු... දෙව්මිත් ඉන්නවා සාලෙ tv බල බල.

"ඔයි සස්... උඹේ යාලුවා වනීශ් මෙහෙ දවස් දෙකක්  බඩ ගාලා මගෙ නම්බරුත් ඉල්ලගෙන හෙන ඇණයක් වුනානෙ ."
"ඒ මොකටද තමුසෙලා කිව්වේ නැද්ද මම නෑ කියලා."
"කිව්වා බං එතකොට කොහෙද ඇහුවාම මුන්ගෙ ගමේ ගියා කිව්වා."
"ඉතින් තෝ කිව්වද ගම කොහෙද කියලා."
"ඔව් ඉතින්"

💙ඔබ අභියස🖤 (Complete)Where stories live. Discover now