06

939 141 28
                                    

නිදහස් අධ්‍යාපනේ ලංකාව විවේචනය කරනවා කියලා නෙවේ එත් ඕනේ මිනිහෙක් දන්නවා රටක අනාගතේ තියෙන්නෙ රටේ අනාගත පරම්පරාව අතේ කියලා. එත් ලංකාවේ 80% a/l පාස් වෙලත් බහුතරයක් එළියෙ කර කියාගන්න දෙයක් නැතුවම. ඉන්න ඌන් උන්ගෙ තාන්න මාන්න හදාගන්නවා. ඕකුන් එකෙක් හිතුවා නම් ඌන්ගෙ වියදමින් බාගයක්වත් කපලා තව කැම්පස් එකක් දෙකක් මේ රටේ හදන්න. ඒ 80%ම බැරි වුනත් 20% වත් හීන හැබෑ කරගන්න උදව් කරන්න... නෑ ඒ වගෙ ඒවා හීන මේ ලංකාව ඇතුලේ. මට පුලුවන් වුනා මේකට එන්න පෙර පිනකට. එත් මටත් වඩා දක්ෂ ඌන් ඇති නේද ගෙවල් වල. එදා දවසේ නූලෙන් මිස් වුන...

"ඕයි ඕයි... පොඩ්ඩා මේ බලපන් මූ ගෙ ඩිසයින් බලපන් මූ හොදයි ඩෙකරේශන් වලට රෙකමන්ඩ් කරන්න..." කුප්පියා ඇවිත් කෑ ගහලා කියද්දී පොල් කදවල් ගෙන්න ගිය ඌන් කටවල් ඇරගෙන...

ඇත්තටම මම කොළ සුදු කන්සෙප්ට් එකට ස්ටේජ් එක රෙඩි කරේ. ඇත්තටම ඊයෙ රෑ මට නින්ද ගියෙ නෑ ඉතින් මම ඩිසයින් එක හැදුවා. පුවල් ලෙලි වලින් වටේම මහලා කෙල්ලෝ ටිකට කියලා ලස්සන සදකඩ පහනේ විදියට මැස්සෙව්වා රටාවක්. ගොක් කොල වලින් ඔය ලයින් ඔක්කොගෙම  1st year එකෙදී මාවා සීනියර් බැජ් එකෙ කොටා අයියා රැග් එකට මට කියලා එදා ඌන්ට තිබ්බ කන්සට් එකට ඩිසයින් එකක් ඇදන් ගියා. පස්සේ ඌම ඇවිත් මාව ඒ වැඩේට දා ගද්දී මටත් නිකන් ෆට්ට හැපි. මට හෙන ටැලන්ට් තියෙනවා මෙහෙම ගොනා වගෙ හිටියට....

"ඕයි... තැන්ක්ස් සුද්දා බලපන් උඹ නිසා අරුන්ගෙ පුකේ ආඩම්බර බලන්න ඕනේ නෑ."
"උඹලා ඒක බලන්න ආස නැද්ද ඉතින්" මම නෝණ්ඩියට ඇහුවේ මොකද පොඩියා හෙන කුකුළා... ගෑණු පරානයක් පෙන්න බෑ... පැණි හලනවා.

"අයියෙ තේ බොන්න..." මගෙ පිටිපස්සෙන් හීනි කටහඩක් ඇහුනාම මම හැරිලා බැලුවා. පොඩි සූටි කෙල්ලෙක්..

"එපා නංගි. මම දත් මැදලා නෑ.."
"ආ ඔය අයියටද brush එක... ආ මෙන්න... ඇවිත් තේ එක බොන්න..."

"ඕයි ඕයි විහාරා උඹ මොකාටද ඔය එන්න හදන්නෙ.. එයා මගෙ.. "

"මේ බලපන් අපි මෙච්චර මේතන කටු කෑවා මූන් මේ අද විතරක් ආව එකෙක්ට පැණි පෙරනවා"
"තෝ වගෙ එකෙක්ට පැණි හලන්න අපිට මොංගල් නැති නිසා පොඩ්ඩෝ ඒ.." කෙල්ලො ටික කෑ ගහද්දී විහාරා මගෙ දිහා බලන් හිටියෙ අහිංසක විදියට..

💙ඔබ අභියස🖤 (Complete)Where stories live. Discover now