15

803 123 39
                                    

අන්තිම සැනසීම තිබ්බේ නින්දේ. මම ඇග හෝදගෙන නිදා ගත්තා. කොහොමත් දැන් ඕක අයින් කරත් fb එකෙ ලැව් ගින්නක් වගෙ ඕක ගිහින් තියෙන්නෙ...

"භූමිකම්පාවක්..." මම කෑ ගහගෙන නැගිට්ටෙ මාව එහෙට මෙහෙට මෙහෙට එහෙට යනවා කියලා තේරුන නිසා.

"තමුසෙ නැගිටලා.." හොල්මනක් දැක්කා වගෙ මම බය වුනේ මේ මිනිස්සු ඔක්කොම ඉද්දී මූ මොන නාඩගම නටන්න ආවද කියලා හිතලා.

"ඇයි මෙහෙ.."
"ඉතින් අද දවස කොහොමද?"
"ඇයි දැනගන්න ඕනේ.." වනීශ් මගෙ ඇදේ ලගින්ම ඇවිත් ඉදගන්නකොට මම රෙද්දෙන් මුලු ඇගම වහා ගත්තා.

"මොකො ලැජ්ජද?"
"ඇයි මම ලැජ්ජා වෙන්න ඕනේ.."
"නැතුව අවලමේ ගිහින් අතේ මාට්ටු වුනාම ලැජ්ජා වෙන්න ඕනේ නැද්ද?"
"සැක් කවුද කියන්නෙ මම අවලමේ ගියා කියලා."
"තමුසෙගෙ බෝඩිමේ යාලුවොත් දන්න දේ තමුසෙ නොදැන ඉන්න විදියක් නෑනේ.."
"මිස්ට වනීශ් මට මෙතන පෙහෙළිකා පුරව පුරව ඉන්න බෑ. නිදිමතයි."
"වාව්... මරුනෙ..."

මම ආයෙ මුකුත්ම නොකියා එහා පැත්ත හැරිලා නිදාගත්තා.

"කතා කරන්නත් බැරිද දැන්..."
"මම ඔයාගෙ බෝයිෆ්‍රේන්ඩ් නෙවේ වනීශ් ඉතින් මට ගර්ල්ෆ්‍රේන්ඩ් කෙනෙක් හිටියා කියලා ඔයාට ප්‍රශ්නයක් වෙන්න දෙයක් නෑ..."
"ඕහෝ... හරි මිස්ට එහෙනම් මම යන්නම්.." වනීශ් මගෙ ලගින් නැගිටිද්දී ඔයින් ගියා මදැ කියන හැගීමෙන් මම ඌ ගියාට පස්සෙ නැගිට්ටා. නැගිටලා බලද්දී රෑ 7 වේලාව. ෆට්ට ඇලට් එකක් මම දාගෙන තියෙන්නෙ. වැඩක් නැතුව නිකන් කෑවේ නෑ වගෙ. කොහොමත් මට පුරුදු ෆයිල් අස්සෙ ඔලුව ඔබන් කම්පියුටර් එකෙම ජිවත් වෙන එකනෙ. ඉතින් ෆෝන් එක අරන් ඇප් ටික ටික වැඩි කරලා සෙටින් හදාගත්තා. ෆිල්ම් එකක් වත් බලන්න ෆට්ට ආසවක් අද තියෙන්නෙ. ඉන්න මම මේ බිසි වෙන්න ට්‍රයි කරනවා මොකද මට ඕනේ මගෙ හිතට ඕනේ වනීශ් එහෙම ගියාට මට කමක් නෑ කියලා පෙන්නන්න ඇත්තටම මට ඕනේ දුවලා ගිහින් වුන හැමදේම කියලා එයාව බදාගන්න. සැක්

උඩ හිත - අනේ මේ යනවා නම් යන්න දීපන් බං
යටි හිත - ඌ යන්නෙ උඹේ බූරු වැඩ නිසා හරකෝ...

හිතත් එක්ක ආර්ගිව් කරන එක නවත්තලා මම සෝ රෝමැන්ටික් ෆිල්ම් එකක් කියලා fb තිබ්බ කොරියන් ෆිල්ම් එකක් බලන්න ගත්තා. නම A frozen flowers කියලා එකක්. රෝමැන්ටික් කෙසෙ වෙතත් මුලින්ම තිබ්බ සීන් එක අස්සෙ ටිකක් ටිකක් සමසිරි ලයින් එකක් තිබ්බේ...

💙ඔබ අභියස🖤 (Complete)Where stories live. Discover now