34

647 113 44
                                    

"සස් ඉක්මන් කරන්න..."
"ඉන්න ඉන්න මොකො ඔච්චර හදිස්සිය..."
"ඔයා දන්නවා අද ඉවෙන්ට් එකෙන් පස්සෙ නංගිව introduce කරනවා. ඔයාට මගඇරුනා කියලා මට පනිෂ් කරන්න එපා."

අද තමා දවස මෙච්චර කල් මගෙ නංගිව වට්ටපු ඌන්ගෙ ඇස් ඇරෙන... ඔෆිස් එකෙ ඔක්කොම ඌන් මා එක්කයි, නිසා එක්කයි අවුල් ඇයි මම කටපියන් ඉන්නෙ මගෙ නංගිට වද දෙනකොට.

"හරි හරි වදේ.." මම කිව්වාම වනීශ් කාමරේට ආවා.

"සුදු මහත්තයෝ මතක තියාගන්න අද මෙච්චර ලස්සනට ගිහින් වෙන එකෙක්ගෙන් හරි බැල්මක් වැටුනොත් රෑට නැගිටින්න බැරි වෙයි..." මගෙ ටයි ගැටේ ගහලා මගෙ ඉණේන් අල්ල ගන්න ගමන් වනීශ් මගෙ තොල් අල්ල ගත්තා. හුස්ම හිර වෙනකල්ම අපිට ගානක් නෑ... මම වනීශ්ව එහාට කරලා කොණ්ඩේ හදාගත්තා

"දැන් පරක්කුයි කියලා මැරෙන්න හදලා මගුල් කරන්න නම් පරක්කු නෑ."
"ඇත්තමයි සස්... ටිකක් රෝමැන්ටික් වෙනවකෝ..."
"මේ මගෙ විදියනෙ. මට රෝමැන්ටික් බක බක සෙට් නෑ... "
"එකනෙ මමත් ආදරේ"

අපි දෙන්නම ගෙදරින් එළියට බැස්සෙ හිල්ටන් එකෙ තිබ්බ new year ඉවෙන්ට් එකට යන්න. වනිශ් බැලූ බැල්මට හෙනම ගට් එකක් තියෙන කොල්ලෙක් ඕනෙම කෙල්ලෙක්ගෙ ආදරේ ගන්න පුලුවන්. අනික් පැත්තෙන් මම a/l පොඩි එකෙක් වගෙ. කෙල්ලෙක් දැක්කාම 'මල්ලි නෝට් ටික ලියලා දෙන්නද?' කියලා අහන්නෙ...

"මේ අහනවා යන්න කලින්... කෙල්ලො එක්ක හිනා වෙන්න බෑ... ඔය මාර්කටින් ඩිපාට්මන්ට් එකෙ පිරිමි එක්ක වැඩි කතාවට යන්න එපා. ආ තව හිනා නොවි මාක්ස් එකක් දාන් ඉන්නවා."
"වනීශ්... මම ගෙදරම ඉන්නම් ඔයා විඩීයෝ කෝල් එකකින් වෙන දේවල් පෙන්නන්න..." මම කිව්වේ මේ වගෙ සන්තක මිනිහෙක් එක්ක ඉන්න එක ඇත්තටම පිස්සුවක්.

"යමු යමු... තමුසෙ ඔච්චර ලස්සන නිසානෙ මේ ඔක්කොම ප්‍රශ්න."
"යමු යමු තව තව මොනවා කියයිද දන්නෙ නෑ ඕක බේරේ වැව වගෙ කටනෙ..."
"සස්...."

වනීශ් කෑ ගහද්දීම මම බැස්සත් මමත් ආසයි මේ මනුස්සයාගෙ ඉරිසියාවට. එවෙලෙට පොඩි එකා වගෙ...

"ඔහෝ සස් ඔයාගෙ ලස්සන අද" හොටෙල් එක ඇතුලට අඩිය තිබ්බා විතරයි ශේහානි හෝන්තුව ඇගෙ ලගිනවා.

💙ඔබ අභියස🖤 (Complete)Where stories live. Discover now