"යමු..." මමත් ටවල් දෙකත් අරගත්තා...

"යමු..." මාව උස්සගෙන වනීශ් හිනාවෙවී බාතෲම් එකට යනවා...

"බිමින් තියන්න.. වනීශ්..."
"මට ඕනේ නෑ..."
"වනීශ්..."
"ඔයා මගෙ මගෙ මගේ.... සකුන්ට දෙන්න බෑ..."
"සකුන්ට ඕනේත් නෑ..."
"ඔයාව ගන්න දාහක් බලන් ඉන්නවා සස්.... එත් ඔයා මගෙ... මට කෑ ගහලා කියන්න ඕනේ එකෙක්ට ඔයාට ලං වෙන්න එපා කියලා."
"ඔයා එක්ක බලද්දී මම කවුද වනීශ්..." ඇත්තටම මගෙ හඩ බිදුනා...

"මම එක්ක බලද්දී කියන්නෙ."
"ඔයාට කැමති එකම එක්කෙනා මම මේ ලෝකෙ වැඩියෙන්ම ආදරේ කරන කෙනා.. මට දාහක් ආදරේ කරත් ඒවා එතනදී සතේට බහිනවා."
"ඔයා දිගටම මට මෙහෙම කරන්නද සස් හදන්නෙ..."
"කොහොමද?"
"මට ඔයා එක්ක ෆ්‍රී වෙන්න ඕනේ වුනත් ඔයාට ඕනේම මගෙ වැරැද්ද පෙන්නන්න... ඇත්ත මම වැරදි. එත් මෙතන ඔයා වෙනුවෙන් ආදරේ පිරිලා තියෙනවා සස්... වෙන කවුරුත් නෙවේ මට ඔයාව ඕනේ..."
"අපි හැමදේම අමතක කරමු. කොහොමත් වෙඩින් එක දැන්ම නෙවෙනේ... එතකල් අපිට උත්තරයක් හොයන්න පුලුවන්." මම එහෙම කියලා වනිශ්ගෙ බෙල්ලට කිස් එකක් තිබ්බා. ඇත්තටම මම එහෙම බෙල්ල කිස් කරන්නෙ ගොඩාක් කලාතුරකින් මට එයාව ඕනෙම වුන වේලාවකට. අපි දෙන්නා අපේ ලෝකෙ තනි වුනා... ඇදුම් ගැලවෙද්දී අපිට අපිවම අමතක වුනා. අනික වනීශ් හිටියෙ මත් වෙලා තේත බරිත ෂෝට් දෙක පිටින් අපි කාමරේ තනි වෙද්දී....

"ආයෙ යන්න එපා මගෙන් ඈතට..." මගෙ ඇග උඩ ඉදගෙන වනීශ් කියන්නෙ මගෙ නලලට කිස් එකක් දීලා.

"ටිකක් නිදාගමු වනීශ් මට හරි මහන්සි."
"ම්ම්ම් පැනලා යන්න බෑ.."
"ඔයා නිතරම ඔහොම කියන්නෙ මට පැනලා යන්න කියලද?"
"ඔයාව යවන්න මට ඕනේ නෑ...."

මම දවස් ගානකින් නිදාගන්න බැරි වුන එකෙක් වගෙ වනීශ්ට තුරුල් වෙලා නිදා ගත්තා. හෙට මොකක් වුනත් අද මම සතුටින් ඉන්න ඕනේ කියන දේ හිතට කා වද්දගෙනමයි.

දවල් වෙන්න මට ඇහැරුනාම මම නැගිට්ටෙ ගේ ටිකක් අස් කරලා දාන්න. මට මුකුත් හිතාගන්න බැරි වේලාවට මම කරන්නෙ එක...

"සුදු... සුදු කෝ ඔයා සුදූ...." මම වොශ් රූම් එකෙ ඉද්දී වනීශ් කෑ ගහනවා නිකන් මාව මොකෙක් හරි කිප්නැප් කරලා වගෙ.

💙ඔබ අභියස🖤 (Complete)Where stories live. Discover now