"එහෙ ඉඩ ඇතිද?"
"මම පුංචාච්චිට කතා කරලා ආවේ."
"හරි යමුකො..."

මමයි අයියයි කැබ් එක පුරාම කිසිම වචනයක් කතා කරේ නෑ. අයියා කොට්ටාවෙන් බහිද්දී මම පොල්ගස්ඕවිටට කැබ් එක ගෙනිච්චා.

ගෙදරට ඇවිත් බලද්දී මිදුල අතු ගාලාවත් නෑ. ගොඩාක් හැඩි වෙලා. මම දොර අරිනවත් එක්කම අපේ කාමරෙන් දුමක් එනවා. දුවලා ගිහින් බලද්දී මම දැක්කේ බෝතල් වට කරගෙන සිකරට් එක්කම බීඩි වගෙ ඔතලා තිබ්බ ජොයින්ට්.

"මොනවද බල්ලෝ මේ කරන්නෙ..." ගියපු ගමන් කන හරහා ගැහුවේ මට කේන්තිය වැඩිම නිසා. එත් අමතක වුනා ඒ කම්මුලට දැන් කී පාරක් පාර වැදුනද කියලා

"මාව අසරණ කරලා ඔයා ගියාම මම මොනවා කරන්නද? මට ඔයාව ඕනේ.. මට ඔයාව ඕනේ..."
"වනීශ් පිලිස් ඕවා අයින් කරන්න..."
"ඔයා එපා කිව්වට පස්සෙ ඔයා එක්කම බීපු සිකරට් එක ඇරෙන්න මේ ආයෙ පටන් ගත්තා. ඔයා නිසාම..."
"අපි පැනලා යමු..." මම කිව්වා එක පාරටම
"මොකක්..."
"අපි යමු. මේ ඔක්කොගෙන්ම දුරකට යමු... ඔයා කිව්වා වගෙ යමු..."
"නංගි... එයාට මොකද කරන්නෙ..." වනීශ් කියද්දී ආයෙත් මම අඩියක් පස්සට ගියා.

"ම්ම්ම්ම්ම් මම දන්නෙ නෑ..."
"සුදූ මන් ගාව ඉන්න... මම මේ ඔක්කොම හරිගස්සන්නම්..."
"ඔයාට මෙච්චර කල් බැරි වුන දේ කොහොමද ඔයා ආයෙත් හදන්නෙ..."
"මම හිර වෙලා සුදූ මම හිර වෙලා..."

වනීශ් අඩනකොට මම ගිහින් කම්මුල් අත ගෑවා. එවා ඉදිමිලා...

"ගිහින් නාගෙන එන්න. මම මේ ටික අස් කරන්නම්..."
"ඔයා මට ඔච්චර හොද වෙනකොට මට රිදෙනවා. ඔයා ඉක්මනින් මාව දාලා යයි කියලා...

"දාලා යන්න ඕනේ නම් මෙලාහකට මම ගිහින්.."
"සස්..." වනීශ් ඇවිත් මාව බදාගත්තා. මූණම ඉඹලා ඉඹලා බෙල්ලට තොල් තිබ්බා..

"වනීශ් දැන් යන්න.. ඔයාට කන්ට්‍රෝල් එකක් නෑ..."
"බෑ... මට කන්ට්‍රෝල් වෙන්න ඕනේ නෑ.."
"වනීශ් යන්න පිලිස් මට රිලැක්ස් වෙන්න ඕනේ.."
"ඔයත් එන්න... අපි දෙන්නම නාමු එතකොට ඔයාට බෑ මාව දාලා යන්න.."
"ඔයා බබෙක්ද?"
"පිලිස් සස් පිලිස්..." වනීශ් හිටියෙ මත් වෙලා කොහොම කිව්වත් එයා දැන් පිළිගන්නෙ නෑ එකයි ඇත්ත කතාව. එයා මුරණ්ඩුයි. මම ආදරේ කරේ එකටමයි.

💙ඔබ අභියස🖤 (Complete)Where stories live. Discover now