ශිරාන් ගෙ ඉනෙන් අල්ලගෙන හරිම ආදරනීය විදියට කතා කර කර ඉදල දෙන්න මගේ ලගට ආවා

"ඒශියල් මේ ඉන්නෙ...මම ඔයාට කියපු කෙනා"

"ඕ අයියා...ඔයා හොර ගෙඩියෙක් මට කියුවෙ වත් නෑනෙ...එයාව එක්කගෙන එනව කියලා"

"වාවූ දෙයියනේ එයා හරිම හැන්ඩී...ඔයා මෙයාව මට අදුන්වල දුන්නෙ නැත්තම් මම ශුවර් එකටම රැවටෙනව වන් ඩිරෙක්ශන් බෑන්ඩ් එකේ සියාන් මලික් ලන්කාවට ඇවිත් කියලා"

"ප්ලීස් ඒශියල් විහිලු එපා....අනෙක ඔයාට පුලුවන්නෙ සින්හලෙන් කතා කරන්න...ඔයා දන්නවනෙ අපි ලන්කාවෙ ඉන්න නිසා මම් කැමතී සින්හල වැඩිය බාවිතාකරන්න"

ශිරාන් නොකියා කියුවෙ මේ ඉන්ග්‍රීසි කතා කරන ගිරවිට

සින්හලෙන් කතා කරපන්...මේ මැට්ටට ඉන්ග්‍රීසි බෑ කියන එකද මන්දා

සමහර විට එයා මට ඇතිවෙන අපහසුතාව මග අරින්න හිතන් කියන්න ඇති

"ආඅ...හරී...අයියා....මම් සින්හලෙන්ම කතාකරනම්

ආයුබෝවන්....මම ඒශියල් ...ඇත්තටම ඒ නම සිනහලට කියන කොහොමද මට දන්නෙ නෑ...එනිවේ...ඔයා සාෂා...නේ මම අහලා තිබ්බා...බට් දැක්කෙ නෑ...ඔයා හරි ලකී...මගෙ අයියා ටකල් කරන්න්න...ම්ම්ම්..ම්ම්ම්..ආඅ..ඔවූ ටකල් කියුවෙ..එයා දැලක අල්ලගන්න...ගොඩාක් අය ට්‍රයි කරා....ඔයා විතරයි සක්සස් උනේ...මම හිතනවා යූ ආ ඩිසර්වු ෆො දැට්...ආඅ..ඕ..ඔයා ඒකට සුදුසුයි...මගෙ අයියා...දන්නව...බෙස්ට් කොලිටි ප්‍රොඩක් හරිය්qටම චූස් කරන්න....ඒ කියන්නෙ තෝරගන්නද මන්දා"

සිරස වොයිස් එකේ මහ විශාල කදක් තියෙන ස්ටෙෆ්නි අක්ක සින්හල කතා කරන තාලෙටම මේ කෙල්ල සින්හල ඉන්ග්‍රීසි මිශ්‍ර අච්චාරුවක් විදිනව

මම නම් හිටියෙ ෆුල් කන්ෆියුස් මුම්බ ඩුම්බා සීන් එකේ

හායි කියනවද ආයුබොවන් කියන්නද මට නම් තේරෙන්නෙ නෑ

"බය වෙන්න එපා ඕයි මේ මගෙ නන්ගි ඕනෙ දෙයක් කියනව මෙයාගෙ නට් ලූස්...වැඩිය ගනන් ගන්න එපා"

ශිරාන් බය වෙලා ඉන්න මගෙ පිටට ගහන ගමන් කියුවා

"ඕඔ වාට්...නන්ගී...නන්ගී නෙවෙයි...කසින් සිස්...ඒ කියන්නෙ වැස්ස නානා"

case කේස්Where stories live. Discover now