ලකුනු ටික ටික වැඩි කරගෙන බැච් එක මැද හරියට ආව

ඉන්ග්‍රීස් හොදට පුලුවන් පව්න් හිටියෙත් මගෙ කිට්ටුව

ඌට ඉන්ග්‍රීස් පුලුවන් උනාට විශය ඒ තරම් බෑ

මට ඉන්ග්‍රිසි බෑරි උනාට උගන්වන ඒව යාන්තම් දුරට පුලුවන් 

වැඩිපුරම ශිරාන් මට ටුයුශන් සර් කෙනෙක් ටත් වඩා හොදට විශය කොටල පොවනවනෙ ඒකයි

මගේ ප්‍රතිපල ගෙන එයා නම් ඒ තරම් සෑහීමක් නෑ

ඒත් මට් නම් ඉහටත් උඩින්

එපා වෙලා දාල යන්න හිටපු එකෙක්...ලෝවර් එකක් කිට්ටුවට ලකුනු ගන්නව කියන්නෙ ලොකු දෙයක් තමයි

දැන් මට ඉන්ග්‍රිසි අකුරු ග්‍රැමර් වරද්ද වරද්ද හරි මගේ හිතේ තියෙන දේ ලියන්න කියන්න පුලුවන්...

අපි දෙන්න පාඩම් කර කර ඉදපු දවසක හැන්දාවක අපේ ඇනෙක්ස් එජ්ක ඉස්සරහ වාහනයක් නවත්වනව ඇහුන

සාමාන්‍යන් අපේ ඇනෙක්ස් එකට යන අතුරු පාරෙ වාහන යනව අඩුයි

අකැමැත්තෙන් පාඩම් කර කර ඉදපු මම හරිම උවමනාවෙන් ඕප දූපෙ හොයාගන්න දොර ලගට දුවල ගියා...ශිරාන් නම් පොතේම ඇලිලා

එයා පාඩම් කරන වෙලාවට ඔලුව උඩට මිසයිලයක් වැටුනත් ඔලුව උස්ස්ල බලන්නෙ නෑ

අම්මෝ...ඒක කලුපාට Rolls-Royce එකක් 

ඒකෙන් එලියට බැස්සෙ රතුම රතු ඇගට ඇලුන කොට ගවුමක් ඇදපු ගැහැනියක්

හතලිස් ගනන්වල වගේ පෙනුම...ඒත් ඊට වඩා වයස වෙන්නත් පුලුවන්

ඉජෙක්ශන් ගහල ටැබ්ලට් බීල කෘතිමව තරුන පෙනුම රෙක ගත්ත ගතියක් පෙනුනා

මලකඩ පාටින් ටින්ට් කරපු කොන්ඩෙ ඔලුව උඩට කරලා රත්තරන් කටුවක් ගහලා

ලා දුබුරු ඇගේ වැඩි හරියක් එලියෙ...අත් නැති ගවුම කිටි කිටියෙ ත.න්. දෙකට තදවෙලා...දැන් නැතුවට දැන් කඩන් හැලෙයි වගේ

ඒ මදිවට උර හිසේ ගහපු මකර පච්චෙ දිහා නොබල ඉන්න බැරි තරම් විශාලෙට පෙනුන

දාගෙන ඉදපු සන්ග්ලාස් දෙක ගලවල ඔලුවට හයිකරගන්න ගමන් ගෑනි කෙලින්ම අපේ දොරකොඩ

case කේස්Where stories live. Discover now