මමත් ඉ ල්ලන් ටින්කිරි ගාගත්තු නිසා නිසා ලොකු රෝල් එකක් තිබුනා නෙ ප්ලේ කරන්න 

අපේ බැච් එකේ බස් දෙකට කෙල්ලො කොල්ලො එකතු කරලා පටවන්න උනේ මටයි පැන්චිටයි

ඇත්තටම විශ්ව විද්‍යලෙ ඉන්න උන්ගෙන් අරගලවලට කැමති 10% යි ඉතුරු උන් මත බලෙන් අරගලේ පටවන්න ඕනෙ

උබල දන්නවනෙ ඒ ලෙවෙල් ප්න්තිවල ඉන්න හොදම පොත් ගුල්ලො සෙට් එක කැම්පස් එන්නෙ

ඇත්තටම අරගල කරන ලේ කකියන උන් ඒ ලෙවෙල් වලදින හැලිලා ගෙදර

ලකුනු බලන් රේස් එකට දුවපු අශ්වයො ඇතුලෙ

ඉතින් මුන් අරගල කරන්න පොලබවනව කියන්නෙ ඉබ්බන්ට පියාබින්න කියලා දෙනව වගේ අමාරු වැඩක්

ටීවී එකේ අබ ඇට මුන් ඇට ගානට කැමරාවල මහ හොඩක් එනවා වගේ පෙන්නුවට ඔය ටික එකතු කරන්න විදින වේදනාව දන්නෙ සන්විදායක මන්ඩලෙ විතරයි

අහන අහන එකාට මරනීය වැදගත්කමක් තියෙන වැඩ වැටිලා

සමහරුන්ගෙ ආච්චි ලොකු ලමයෙක් වෙලා

තව උන්ගෙ සීයගෙ පලවෙනි දත හැලිලා ඒකට හත් දවසක් දානෙ දෙනවලු

තවත් උන් හෙට ඉ රපෑව්වුවෙ නැතොත් අනිවා එනවලු

ඔය වගේ සීයක් විතර එකකට එකක් නොගැලපෙන හේතු කියුවත් මම වගේ සන්විදායකයන්ගෙන් ගැලවිල්ලක් නැති තරමට පස්සෙන් එන නිසා උන් අකැමැත්තෙන් උනත් එන්න තීරනේ කරනව

මම් ලාහට ගෙම්බො එකතු කර්‍රන්න වගේ කොල්ලො බස් එකට දක්කනව

දෙන්නෙක් ඇතුලට දාද්දි 4 ක් එලියට පැනලා

මටත් වඩ අමාරු වැඩක් තමයි පැන්චි කරේ...කෙල්ල්ක් පටවන එක

පිකට් එකෙත් ඉස්සරහ ඉදන් හනුම වල්ගෙ ගිනිඅරන් වගේ කෑගහන්නෙ 

වල් අලි වගේ ගිහින් යකඩ බැරියර් වල හැප්පිලා පොලීසියෙන් ගේම ඉ ල්ලන්නෙ බොහොම ටික දෙනයි

වැඩි දෙනෙක් බලන්නෙ පිකට් එකේ සේෆ් ම තැන අල්ලගන්න

අත් දැකීම් ඇති අය දන්නව

පික්ට් එකේ මැද පාර අයිනෙන් යන එක තමයි සේෆ්

ඉස්සරහින් ගැහුවත් පිටිපස්සෙන් ගැහුවත් පැනලා යන්න ලේසී

case කේස්Where stories live. Discover now