මේ නීති ආධාර කොමිසමෙන් කරන්නෙ නඩු කියන්න බැරි දුප්පත් මිනිස්සුන්ට එයාල වෙනුවෙන් නොමිලේ පෙනීසිටින්න කැමති ලෝයර්ලා හොයලා දෙනව

ස්මාහර ලෝයර්ලා දුප්පත් මිනිස්සුන්ට උදවු කරන්න මේ සේවයට නොමිලේ සහය දෙනව

ඒත් බිසී ලෝයර්ලට මේ වගෙ නොමිලේ කරන නඩුවලට ගොඩක් කාලෙ කැපකරන්න බෑ

අපි වගේ නීති ශිෂ්‍යයෝ ඒ වගේ ලෝයර්ලට උදවු කරනව නඩුව සකස්කරගන්න

ඒක අපිටත් හොද එක්ස්පීරියන්ස් එකක් 

ෆස්ට් සෙම්සෙටර් එක ඉවර උනාම ඔයාලටත් ඒ සර්විස් එකට ජොයින් වෙන්න පුලුව්qන්

එතකොට අපි දෙන්නම නඩු බාරගෙන උදවු කරමු...ඔයත් මගෙ පැත්තකින් ඉන්නකොට මට කම්මැලි නෑනෙ"

"අද මොකද්ද බලවපු නඩුව""

"නඩුවක් බලවන්න ඕනෙ නම් ලෝයර් කපිලගෙ චේම්බර් එකට යන්නෙ නෑනෙ...කැම්පස් එකේ හෙවන් එක පැත්තට ගියානම් හරිනේ" (කැම්පස් එකේ හෙවන් එක කියන්නෙ කොල්ලො කෙල්ලො ලවු කරන්න යන පොඩි වන ලැහැබ....මුලින් ලවු කරන්න ගියට ඉවර වෙන්නෙ සෙක්ස් කරලා)

"හරි හරි අනම් මනම් එපා කියනකො ඉතින් නඩුව මොකද්ද"

"වයසක ආච්චි කෙනෙක් ඉන්න ගෙදරකින් එයාව එලවලා ඒ ඉඩම අල්ලගන්න මිනිහෙක් ට්‍රයි කරනව...ඒ විතරක් නෙමෙයි බලෙන් ඉඩම අල්ලගෙන හිටියා කියලා ආච්චිගෙන් වන්දිත් ගන්න යනව....වන්දිය ගෙවාගන්න බැරිනම් ආච්චිගෙ ඉඩමෙ ඉතුරු කොටසත් ඒ මිනිහට ලියල දෙන්නලු "

" අම්මෝ මාර හොරුනෙ මුන් ..අහින්සක මිනිස්සුන්ගෙ දේවල් කඩාවඩාගන්නෙ "

"ඒ අතින්නම් ලන්කාවෙ මිනිස්සු නම් ගන්න දෙයක් නෑ

බිම් අගලට අම්ම තාත්ත උනත් මරනවනෙ"

"දැන් ඔයාලට දිනන පුලුවන්ද ආච්චිට එයාගෙ අයිතිය අරන් දෙන්න්q පුලුවන්ද

අනේ කොහොම හරි ඔයා ඒක කරන්න ඕනි"

"හාරි හරි බබා මම ගොඩක් වැඩ කරලා තියෙන්නෙ "

"මොනවද කරේ"

"ඒ කේස් එක ගැන ෆුල් ඉන්වෙස්ටිගේශන් එකක් කරා

case කේස්Where stories live. Discover now