වටේ ඉන්න කිසි කෙනෙක් අදාල නෑ වගෙ ගතියකින් එයා හිටියෙ

සැරින් සැරේ එයාගෙ හකු ඇට තදවෙන හැටි මම බලන් හිටියා

නිකටට තට්ටු දදා ඉදලා ...කතිකයෙක් කතාවෙ වැදගත් දෙයක් කියවුනොත් ශිරාන් ඒක එයාගෙ ස්මාට් පෙන් එකෙන් ටැබ් එකේ ලියාගන්නව පෙනුනා 

ශලාවෙ හිටිය කෙල්ලො වැඩි දෙනෙක් ශිරාන්ගෙ දිහාවටම ඇස් අලවගෙන හිටපු නිසා ශිරාන්ට මුකුත් කරන්න බෑ මාව හිනා ගස්සන්න

ඒත් අපේ ඇස් මුන ගැහුන කීප සැරේකම එයා මට ඇස් ගැහුවා

ඔය අල්ලපනල්ලෙ ඉ න්ග්‍රීසි කපුටියෙක් ඇවිත් මගෙ පුටුවට එහා පැත්තෙ වැහුවා

නිකම්ම වහලා හිටියනම් වශයක් නෑ

සැරෙන් සැරේ ඉන්ග්‍රීසියෙන් මගෙන් ප්‍රශ්න අහනව

අහන ප්‍රශ්නෙ මට හොදට තේරෙනව

දෙන්න ඕනෙ උත්තරෙත් හිතේ පැහැදිලිවම තියෙනව

ඒත් ඒක ඉන්ග්‍රීසියෙන් කියන්න යහ්ඩ්දි දිව පැටලෙනව

යය යය යෙස් නො නො ...ම්ම්ම් ආඅ...වගෙ සද්ද ටිකකුයි ගොතය්qකු විතරයි එලියට එන්නෙ

හොදටම දන්න වචනත් අමතක වෙනව 

ශැක් නොගැලපෙන තැනකට ආවම විදවන්න වෙන හැටි

ශිරානය කතා කරේ නැති නිසා ...ඌ කතාකරන එක බලන්නම එපැයි

හොදවෙලාවට මම ලග හිටපු ඉන්ග්‍රීසි කපුටි ඒක පාර්ශ්වික සාකච්චාවකට කැමති කෙනෙක්

මම කියන උත්තරේ මොකක් උනත් එයා දිගටම කතා කරගෙන යනව 

"පර්ඩන් මී...කුඩ් යූ ශට් අප්....නෙක්ස්ට් මයි ෆ්‍රෙඩ්...අයි වෝන්ට් ලිස්ට්න් ටු හිම්"

විනාඩි ගානක් අමාරුවෙන් හිතේ පෙලගස්ස ගත්ත වචන ටික ගොත ගහගහ ලග ඉන්න එකීගෙ මූනටම කියුව...ඒක ඒතරම් ආචාරශීලී දෙයක් නොවුනත්

"ඕ රියලි ඉස් දිස් හැන්ඩි ගායි බීන් යුර් ෆ්‍රෙන්ඩ්...ටෙල් මී අ ලිට්ල් බිට් අබවුට් හිම්""

අයියෝ ...මේකනම් මල..උ.ට්ට.ක් උනානෙ මම ඉන්ග්‍රීසි කියන කපුටිට බම්බු ගහගන්න කියලා ඒකිත් පෙල්ලගෙන ඉස්සරහ පේලියකට ගියා

case කේස්Where stories live. Discover now