ep 2

1.7K 282 28
                                    

"හිරකාරයෝද මනුශ්‍යයෝය"

කියලා ගහපු මහ විශාල සුදු තාප්පෙ කොනක 

අම්ම කෙනෙක් දරුවෙක් වඩාගෙන ඉන්න සෙනෙහෙබර චිත්‍රයක් ඇදලා තිබුනා

මම හිටියෙ පවන් එනකන් ඒ චිත්‍රෙ දිහා බලා ගෙන

ඕනෙම දරුවෙක් මේ ලෝකෙට බිහිවෙන්නෙ අහින්සකයෙක් විදියට ඒත් සමාජය ඒ කිරි සිනා දෙන මල් කැකුලුවලින් ත්‍රස්තවාදීන් නිශ්පාදනය කරනවා

අපි දැන් මුන ගැහෙන්න යන කැලුම් ඒවගේ සමාජයෙ ගොදුරක් උන අහින්සක හා පැටියෙක්ද

"" මොකද්ද ඕයි තමුස්සෙ කාර් එකෙන් ඇවිල්ලත් පරක්කුයිනෙ""

චූටි කාරෙකෙන් බඩ ගෙඩිය එලියට දාගන්න බැරුව කට්ට අනික් පැත්තට හරවපු තඩි කැස්බෑවෙක් වගේ දගලන පවන් ගෙන් මම ඇහුවෙ ඇත්තටම මල පැනලා

"ඉන්නව ඉන්නව...අද සබ්මිට් කරන්න ඕනෙ පෙටිශන් එකක් ඉවර කරන්න උනා ඒකයි ලේට් උනේ...මම එනකන් මෙතැන වැනි වැනි ඉන්නෙ නැතුව උබට තිබුනනෙ කැලුම් කියන එකා එක්ක කතා කරන්න...අඩුම ගානෙ ජේලර්ලට කියලා අවසරවත් ගන්න ඌ එක්ක කතා කරන්න "

පවන් දක්ශයි උගේ වැරදි අනෙක් උන්ගෙ පිටින් යවන්න 

අදුරු දුම් වැකුනු හිර ගෙදර උමන් දෙක තුනක් අස්සෙන් ගිහින් කැලුම් දාලා ඉන්න හිරකුටිය කිට්ටුවට අපිට යන්න පුලුවන් උනේ ලේසියෙන්ම...අපේ අත්වල තිබුන ලෝයර් අයිඩෙන්ටිටි කාඩ් වලට පින්සිද්ද වෙන්න 

මගේ සේවාදායකයා එක්ක කතා කරන්න මට ප්‍රයිවෙට් ප්ලේස් එකක් ඕනෙ කියපු නිසා ජේලර් අපිව හිරකාරයො බලන්න ආපු නෑයන් හිටපු තැනින් ඈත තිබුන කොටු කරපු පොඩි කාමරේකට එක්කගෙනගියා

"ලෝයර් මහත්වරු මෙතැන ඉන්න ...මම සැකකාරයව එක්කගෙන එන්නම්"

හිතුවට වඩා සැලකියයුතු වෙලාවක් ගෙවිලා යන නිසා මටයි පවන්ටයි හෙන කම්මැලිකමක් ගැහුවා

අපිහිටපු කාමරේපොඩි ජනේලෙන් හිරගෙදර තාප්පවලින් වට කරපු ඇතුල් පැත්ත පේනවා

අමුරෙද්දෙන් මහපු කොටකලිසම් ශර්ට් ඇදන් එක එක වයස් වල පිරිමි එහෙ මෙහෙ යනව

case කේස්Where stories live. Discover now