මම සකුන් දිහා බැලුවා. ඇස් කොනේ දිලිසෙනකොට මට තේරුනා එයා අඩනවා තමා කියලා.

"සකූ මම ඔයාට කිව්වා මට ඔයා ගැන හැගීමක් නෑ කියලා."
"ඕක දැන් මෙතන කියන්න ඕනේ දෙයක් වගෙ මට පෙන්නෙ නෑ සස්... මම දන්නවා මම මගෙ ජිවිතේම දීලා ඔයාව පරිස්සම් කරත් වනීශ්ට ඔයාගෙ හිතේ තියෙන තැන මට ගන්න බෑ කියලා."
"ඔයා එක දැන දැනත් ඇයි තවත් මෙහෙම කරන්නෙ.."
"මම දන්නෙත් නෑ... ඔයා එක්ක ඉන්න ඕනේ, ඔයා එක්ක අඩන්න ඕනේ, ඔයා එක්ක හිනා වෙන්න මට ඕනේ එත් මම දන්නවා ඔයාට බෑ මාත් එක්ක ඉද්දී හිනා වෙන්න කියලා."
"ඔයා විහිලුවක්.."
"මම දන්නවා එහෙම වත් වෙලා මාව දැකලා ඔයාට හිනා යනවා නම් මට සතුටුයි."

"ඔයා දන්නවද ඔයත් මාව වැරදිකාරයෙක් කරනවා කියලා."
"නෑ සස් මට ඔයා එක්ක මේ වේලාවේ ඉන්න ඕනේ. සූ තවත් ඔය ගැන කියවන්න එපා... කන්න මොනවා හරි ගමු මට බඩගිනි.. පිට්සා හට් එකකින් මොනවා හරි ගමු .."
"අනේ මෙන්න මේ අර පෙට්ටි කඩේන් වඩයක් ගන්නවා." මම කටහඩ සැර කරලා කිව්වා.

"හේයි ඔයාට කමක් නැද්ද එහෙම.. මම හිතුවේ අවුල් වෙයි කියලා." සකුන් එහෙම කියලා පොඩි පෙට්ටි කඩේකින් කා එක නැවැත්තුවා.

"ඔයාට මොනවද ඕනේ.. මේ අයියගේ රෝල්ස් නම් හරි රසයි..."
"මටත් ගන්න එවාම එහෙනම්..."

සකුන් කාර් එකට නැග්ගෙ රෝල්ස් 6කුයි ස්ප්‍රයිට් එකකුයි අරගෙන.

"ඔයා මාව ෆලොව් කරනවද?" මම ඇහුවා.

"මොකක්..."
"ඔයා දැන් ඇයි ඕක උස්සන් ආවේ.." ස්ප්‍රයිට් එක පෙන්නලා මම අහනකොට එයා ඇස් ලොකු කර ගත්තා.

"අනේ සොරි සස්.. මම ඔයාට ඕනේ මොනවද කියලා ඇහුවේ නෑනේ.."
"ඉතින් ඔයා දැනගෙන හිටියෙ නැද්ද?"
"මොකක්ද?"
"අමතක කරන්න..."
"මොකක්ද කියන්න..."
"මම බොන්නෙත් ස්ප්‍රයිට් විතරයි. මම හිතුවා ඔයා දැන්ගෙන ගෙනාවා කියලා."
"ආ නෑ මම බොන්නෙත් මේක විතරයි. මම නිවාසෙ ඉන්න කාලෙ මට අපිව බලාගත්තු අම්මා හැමදාම හොරෙන් මේවා ගෙනත් දෙනවා. ඉතින් මම ඒකට හුරු වුනා." සකුන් කියද්දී ඇත්තමයි මට දුක හිතුනා මාර්තා අම්මා මතක් වෙලා. මොන හේතුවකට මාව ලගට ගත්තත් මාර්තා අම්මාට මාව ලෝකයක් වුනා.

💙ඔබ අභියස🖤 (Complete)Where stories live. Discover now