CHAPTER 10

815 190 100
                                    

Comment goal :- 70
vote goal :- 100

──────────────




" හරි .. මන් දන්නවා මේ වගේ වෙලාවක මේ වගේ දේකට මුහුණ දෙන්න උණු එකට ඔයා ඉන්නෙ පුදුම වෙලා කියලා.. බය වෙන්න එපා... මට ඔයාගෙන් පොඩි දේවල් ටිකක් දැන ගන්න ඕන.. මන් හිතනවා දැනටමත් ඔයා මේ වෙච්ච දේවල් ගැන දන්නවා කියලා. ඔයාල අතර මොන ප්‍රශ්න තිබ්බත් මන් මේ අහන දේවල් වලට ඇත්තම කියන්න.. එතකොට ඔයාට ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ.. අනිත් එක ඒක ඔයා අපිට කරන ලොකු උදව්වක් මිස් රියානා... "

ජන්කුක් කිව්වෙ පෑනෙන් මේසෙට තට්ටුවක් දාලා රියානා දෙසට තියුණු බැල්මක් එල්ල කරමින්. රියානා මදක් හිස ඔසවා ජන්කුක් දෙස බලා සුසුමක් හෙලුවෙ " හරි " කියන්නට හිස සලමින්. ඇයට කුමක් හෝ හේතුවකට ජන්කුක්ගෙ වචන විශ්වාස කිරීමට සිත කිව්වා.. ඒකමයි මෙපමණ කාලයක් සියල්ලන් ඉදිරියෙ සගවා තබා ගත් සියල්ල ජන්කුක් ඉදිරියෙ දිගහරින්න කැමැත්තක් පල කලේ..

⚀ " මේ මැරුණු හන් ජී ලියම් කියන්නෙ ඔයාගෙ කලින් සැමියා...  ඔයාලා දෙන්නා ඩිවෝස් වෙලා මාස කීයක් විතර වෙනවද.. ?

⚅ ම්ම්ම්.. දැනට මාස පහ හයකට කලින්.. හරියටම කිව්වොත් මාස හයකට කලින්...

⚀ එයා කොයි වගේ කෙනෙක්ද.. මන් අහන්නෙ එයා අනිත් අයත් එක්ක හැසිරෙන්නෙ කොහොමද...

⚅ එයා හරි සුහදශීලී කෙනෙක්.. ඒත් සමහර වෙලාවට ගුප්තයි.. මට එයාව හම්බුනෙ කොලේජ් එකේදි... එයා ගොඩක් හොද කෙනෙක්.. ඒ දැනට අවුරුද්දකට විතර කලින්...

⚀ ඇයි ඒ එහෙම කියන්නේ... එයා වෙනස් උනාද..

⚅ ඔව් .. හොදටම වෙනස් උනා.. හිතාගන්න බැරි තරමට එයා වෙනස් උනා.. ඒකත් ටික කාලයක් ඇතුලත.. තාමත් මට හිතාගන්න බැහැ එයාට මොකක්ද උනේ කියලා..ඒත් එයා ලොකු වැරැද්දක් කලා... සමාව දෙන්න බැරි තරමේ ලොකු වැරැද්දක්... අපි දෙන්නා විවාහ උනේ ඉගෙන ගන්න කාලේ.. මගේ ඔම්මා මේකට කොහෙත්ම කැමති උනේ නැහැ.. ඒත් මෙයාට තිබ්බ ආදරේ හින්දයි හැමදේම අත්හැරලා ලියම් එක්ක විවාහ උනේ.. ඇත්තටම එයා මට ආදරේ කලා.. ඒ හින්දා හැමදෙර්ම අත්හරින්න මට දෙපාරක් හිතන්න ඕන  උනේ නෑ.. ගෙවල්වලට අකමැත්තෙන් මේ දේවල් උනු හින්දා පවුල් දෙකෙන්ම අපිට සතේක දෙයක් ලැබුනෙ නෑ . අඩුම පුන්චි දිරිගැන්වීමක්වත්.. ඒත් පුලුවන් විදිහට අපි ජීවිතේ ගැටගහගත්තා.. දුක් වින්දා..ඒත් ඉගෙන ගැනීම අත්හැරියෙ නෑ.. ඔන්න ඔය කාලෙදි තමයි මට වෙන රටකට යන්න අවස්තාවක් ලැබුනෙ.. ඒ මන් කරපු කම්පැනි එකෙන්.. ඒක ඇත්තටම මට හීනයක්.. මම කාලයක් තිස්සෙ බලාගෙන හිටියෙ ඒ අවස්ථාව ලැබෙනකම්.. ලියම්ව දාලා අවුරුදු දෙකකට වෙන රටකට යන එක ගොඩක් අමාරු උනත් අපි දෙන්නා ඒ තීරණේ ගත්තෙ අනාගතේ ගැන හිතලා.. මොකද එතකොට අපිට හරියට ඉන්න ගෙයක්වත් තිබ්බෙ නැහැ...එතකොට ලියම් හරි විමසුම්ශීලී කෙනෙක්....

ᑕIᗪ ❙❙ Taekook ❙❙Where stories live. Discover now