CHAPTER 07

993 210 67
                                    

comment goal :- 60

────────────

@Vikis's office room

" මට පැහැදිලිව කියනවා කොයි මගුලෙද තමුසෙ ගියෙ කියලා... "

විකි මේ කෑගහන්නෙ තමන් ඉස්සරහා අත්දෙක පිටුපසට කර හරි දරදඩු බැල්මකින් තමන් දෙස බලාගෙන ඉන්න ටේ දිහා බලලා. එ මූණෙ කිසිම හැගීමක් තිබ්බෙ නෑ. විකී මේ තුන්වෙනි වතාවටයි ටේගෙන් මේ අහන්නෙ.. අහපු දෙවතාවෙම ටේ කලේ විකී දිහා හිස් බැල්මකින් බලාගෙන හිටපු එක. විකී කියන්නෙ හරි තියුණු බැල්මකට හිමිකම් කියූවෙක්. ටේ ග්‍රවුන්ඩ් එකේ නොමැති බව පෙනී යන්න වැඩි වෙලාවක් විකීට ගියෙ නෑ. ඒත් ට්‍රේනින් එක මග නතර කර ටේව සොයන්න යාමටත් විකීට හැකියාවක් නෑ. මොකද කාලය කියන්නෙ ආයි ඇත්තු ලවාවත් ඇදලා ගන්න බැරි දෙයක් නිසා..

" තමුන්ට තේරෙන්නෙ නැද්ද.. පටන් ගනිද්දිම කිව්වා රෙද්දවල් නොකර අදාල වැඩේ කරන්නයි කියලා. ට්‍රේනින් එකට ගත්තෙ තමුසෙට යමක් කරන්න පුලුවන් හැකියාවක් තියෙන හින්දා. කරන්න කියපු පලවෙනි ස්ටෙප් එකම කරේ වැරදියට. මට තේරෙන්නෙ නෑ මේ දවස් තුන හතරට තමුන්ට මොන යකෙක් වැහිලද කියලා. අන්තිමට බලද්දි ග්‍රවුන්ඩ් එකේවත් නෑ. කොයි මගුලක ගියාද ආ...  කතා කරනවා. මගෙත් ඉවසීමේ සීමාවක් තියෙනවා කිම් ටේ හයුන්ග්. මේක කරන්න බෑ කියලා හිතෙනවා නම් කරුණාකරලා මේ අදම මේ මොහොතෙම අයින් වෙලා යන්න.. අපිට බලෙන් මේ කිසිම දෙයක් බලෙන් කරගන්න කිසිම උවමනාවක් නෑ.. "

විකී කිව්වෙ ටේ දිහා නොවෙනස්ව බලාගෙන. ටේට දැනුනෙ තමන් ගැනම මහා කලකිරීමක් වගේම කේන්තියක්. තමාට මේ වෙලා තියෙන දෙයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕන විකීගෙ ජන්කුක් සර් කියලා ටේට කියාගන්නයි ඕන. ඒත් එහෙම කියාගන්න බැරි කමයි ටේට තියෙන ප්‍රධාන ප්‍රශ්නෙ. ඒත් තවත් නම් මේ විදිහට ගැරහුම් ලබන්න ටේගෙ හිත සූදානම් නෑ..

" මන් ගියෙ අලුත් කේස් එක ගැන කන්කුක් සර්ට පොඩි විස්තරයක් කියන්න. මන් හිතන්නෑ ඒක වැරැද්දක් කියලා... "

විකී දෙස  නොබලා ටේ කියද්දි විකී හිනා උනේ කින්ඩියට වගේ.

" මෙච්චර මේ හදිස්සියෙ ට්‍රේනින් එක අස්සෙ ඕක කියන්න ගියා කියලද තමුන් දැන් මට කියන්නෙ. ඔච්චරම ඕක කියන්න ඕන නම් මගෙන් අහලා යන්න තිබ්බනෙ. කවදා ඉදලද ටේ තමුන් මට බොරු කියන්න පටන් ගත්තෙ. මාව මොකෙක් වගේද පේන්නෙ දැන්... පැහැදිලිව කියනවා ටේ. මට බොරු අහන්න වෙලාවක් නෑ... "

ᑕIᗪ ❙❙ Taekook ❙❙Where stories live. Discover now