CHAPTER 09

843 216 110
                                    

vote goal :- 100

comment goal : 70

──────────────

ටේ තරප්පු පෙල බැස්සෙ වේගයෙන්. පඩිපෙල් දෙකක් හැර එකක් වගේ පියවර තබමින් තමයි ටේ දිව්වෙ. හරියට පොඩි බබෙක් සෙල්ලමට දුවනවා වගේ. ඒත් ටේ නම් කොහෙත්ම හිටියෙ සෙල්ලම් කරන මානසිකත්වයෙන් නෙවෙයි . මේ දවස්ටිකේ ජන්කුක් රැයක් දවාලක් නොබලා වෙහෙසෙන විදිහ ටේ ඕනවටත් වඩා දැක්කා.. සමහර වෙලාවට ජන්කුක්ට කෑම කන්නවත් වුවමනාවක් තිබ්බෙ නෑ. මෙච්චර මේ මහන්සි වෙන්නෙ තමන්ගෙ කාවහරි බේරගන්න නෙවෙයි. තවත් කාගෙහරි අසරණ ජීවිතයක් කොහොමහරි බේරගන්න. ඒකමයි කාගැනවත් නොහිතන ටේගෙ හිත මේතරම් ඉක්මනට ජන්කුක් ගැන හිතන්න ගත්තෙ. කොච්චර හිතුවක්කාර , මුරණ්ඩු චරිතයක් උනත් තමන් ඉස්සරහ මදකට හෝ මෙල්ල වන ඒ කඩවසම් තරුණයා ගැන ටේගෙ හිතෙත් කැමැත්තක් නැත්තෙමත් නෑ.

මේ වෙනකොටත් මීඩියා වලින් මුලු ඒරියා එකම වට කරකා ඇතුළට එන්න ලොකු උත්සාහයකින් හිටියෙ. මේ වෙනකොටත් පොලිස් නිලධාරීන් තිහකටත් වඩා වැඩි ප්‍රමාණයක් මේ පිරිස ඇතුලට ඒම වළක්වමින් තම කාර්‍ය උපරිම සාර්තක ලෙස ඉටුකරමිනුයි හිටියෙ. ටේ අන්තිම පඩියත් කලබලෙන් බහිද්දිමයි ඔහුව පහු කරගෙන පොලිස් නිළධාරීන් කිහිපදෙනෙකු තරප්පු පෙල දිගේ ඉහළට නගින්නට උනෙ. ඔවුන්ගෙ දෑත්වල තිබුනෙ විවිධ උපකරණවලින් පිරුනු බෑග් කිහිපයක්. මේ ජන්කුක් පැවසූ ස්පෙෂලිස්ට්ලා බව තේරුම් ගැනීමට ටේට වැඩි වෙලාවක් ගියෙ නැහැ. ඔවුන් දෙස බලා මදක් සිනාසුනු ටේ පියවර ඉක්මන් කරමින් ගියෙ වතුර පොම්පය අසලට.

අසල තිබූ ගල් පතුරක් උඩට ටේ හරි සීරුවෙන් පාද තිබ්බෙ පොලවේ ඔහුගේ පිය සටහන් නොරැදෙන ආකාරයට. වතුර පොම්පෙ තිබුනු පුන්චි ලීක් එකක් හේතුවෙන් වතුර බින්දුව බින්දුව වැටීමෙන් එතන තිබුනෙ තෙත පසක්. පරිසරයේ පැතිරිලා තිබුනෙ දැඩි අන්ධකාරයක්. දැල්වී තිබුනු විදුලි බල්බයේ ආලෝකයට පුලුවන් අදුර පලවා හරින්න. අවට කොතරම් අදුරු උවත් දැල්වී තිබුනු විදුලි බුබුල නිසායි ටේට පහසුවෙන් ඒ ප්‍රදේශය පරික්ෂා කිරීමට හැකියාව ලැබුනෙ. එයින් විහිදුනු ආලෝකය අවට පරිසරය සිසාරා පැතිරී තිබූ නියාවෙන් දහවල මෙන් ආලෝකයක් ඒ පරිසරය ඉසිලුවා..

ᑕIᗪ ❙❙ Taekook ❙❙Where stories live. Discover now