CHAPTER 06

1K 222 115
                                    

Next Day Morning

පාන්දර 4 : 30 ට වැදුනු එලාර්ම් එකේ සද්දෙට ජන්කුක් ඇහැරුණෙ ගැස්සිලා.. බෙල්ලෙන් දැනුනු සියුම් වේදනාවට ජන්කුක් ඇස් පොඩි කරමිනුයි නැගිට්ටෙ. කේස් එක ගැන තොරතුරු හොය හොය හිටපු ජන්කුක්ට පුටුවෙම නින්ද ගිහින් කියලා තේරුම්ගන්න ඔහුට ටික වෙලාවක් ගියා. එකම විදිහට නිදාගෙන හිටපු හින්දම බෙල්කෙන් දැනුනෙ දැඩි වේදනාවක්.දවස් දෙක තුනක් යනකම් බෙල්ල හරවන්නවත් බැරිවෙයි කියන එක නම් ජන්කුක්ට හොදටම විශ්වාසයි. එපමණක් නොව හිරිවැටී තිබුනු දෙපා පොළොවට තියද්දිත් ජන්කුඉට දැනුනෙ වේදනාවක්. ඊයෙ රාත්‍රිය පුරාම ෆයිල් එකක් පෙරලන් සැකකරුවන් , මැරුණු පුද්ගලයන්ගෙ තොරතුරු විශ්ලේෂණය කරපු ජන්කුක්ට හිතෙන් දැනුනෙ වේදනාවක්. ඒ වේදනාව හැම නහරයක් නහරයක් පාසාම ගමන් කරන සේයාවකුයි ජන්කුක්ට දැනුනෙ. ඒත් විවේක ගන්න තරම් කාලයක් ජන්කුක්ට නෑ. අද ට්‍රේනින් පටන්ගන්න පළවෙනි දවස නිසා ජන්කුක් එතන ඉන්න එක ගොඩක් වැදගත් සහ අනිවාර්යයෙන් තමන් එතන ඉන්න ඕන කියන එක ජන්කුක් දන්නවා.

තව වැඩි කාලයකුත් නෑ ජන්කුක්ට කොහොමත්. කෙසේ හෝ පුටුවෙන් බැසගත්ත ජන්කුක් මේසෙ අල්ල ගත්තෙ කකුල් පොලවට හිටින්නෙ නැති හින්දමයි. කේන්තියෙන් මේසෙට පහරක් ගහපු ජන්කුක් කබඩ් එකට වත්තම් වී බාතෲම් එක වෙත පිය මැන්නෙ දෙපාවලින් දැනෙන වේදනාව අමතක කරමින්. පිරිසිදු වී පැමිණි ජන්කුක්  උවේ ආහාරයත් නොගෙනම පිට්ටනිය වෙත හැල්මෙ දිව්වෙ වෙලාවට වැඩ කරන එක තමන්ගෙ එක් න්‍යායක් නිසා. ඒ යනකොටත් ටීම් පහම හොදින් සූදානම් වී සිටි සේයාවකුයි ජන්කුක්ට පෙනුනෙ. ජන්කුක්ට මුලින්ම පෙනුනෙ ෆයිල් එකක් දෑතින් බදාගෙන හැම ටීම් එකක් වෙතම ගොස් කඩිමුඩියෙ මොන මොනවදෝ සටහන් කරන ජිමින්ව.  තියෙන් හදිස්සිය හින්දම හමා යන සුලං ධාරාව නිසා ගස් වලින් වැටුනු පුන්චි පුන්චි මල් වලින් තමන්ගෙ කොණ්ඩෙ ගැවසිලා තියෙන ආකාරය ජිමින්ට නොපෙණුනු හැඩයි. ජිමින් බොලද කුමාරයක්.. ජන්කුක්ට එහෙම හිතෙන්න ඇති.

ජන්කුක්ගෙ ඇස් මෙච්චර මහන්සි වෙවී කාවද හොයන්නෙ කියන එක ජන්කුක්ටම මහත් ප්‍රහේලිකාවක්. තමන්ට එල්ල වී ඇති කාගේ හෝ බැල්මක සේයාවක් ජ කුක්ට දැනෙන්න වැඩි වෙලාවක් ගියෙ නෑ. ඒ දෙස බලන්න ඕන උනත් බෙල්ල හරවන්න බැරි හින්දම ජන්කුක් තීරණය කලේ ඒ දෙසට යන්න. තාමත් පහව නොගිය අධික හිසරදය ජන්කුක්ව නොසන්සුන් කරලයි තිබුණෙ.

ᑕIᗪ ❙❙ Taekook ❙❙Where stories live. Discover now