(18) ප්‍රේමයේ මුසුව

Start bij het begin
                                    

සොක්ජීන්ගේ හදේ ඇති වුන වේදනාත්මක රිදුම ඔහුව දල්හ්වජේ වෙතටම රැගෙන ආවා. නමුත් ඔහු ගාරම්ගේ කුටිය වෙත නොගියා. මධුවිත බඳුන් කිහිපයක්ම හිස් කෙරැ සොක්ජීන් අසම්පූර්ණ චන්ද්‍රයා දෙස බලා සිටියා.


චීන දේ්‍ශය සමඟ ගිවිසුමකට එළඹිම සොක්ජීන්ගේම අදහසක් වීම ඔහුව පණ පිටින් වළලා දැමීමකට සමත් උනා.



" කමා කරන්න.. පුංචි නදිය..... "






සොක්ජීන්ගේ හද වේදනාවෙන් ඉපිල යාමට පටන් ගත් විට සොක්ජීන් තවත් මධුවිත පානයක් ලබාගත්තා.







" සෙම්පතිතුමනි..... කිමද මේ... ? "








ගාරම්⁣ගේ හඬ නිසා සොක්ජීන් ඇය දෙස බැලුවා. ඇගේ පළිඟු දෑස්වල තිබුන සිනහව සොක්ජීන්ව දවාලුවා. ඔහුගේ දෑස්වල තිබුන වේදනාව හැඟි ගියාක් මෙන් ගාරම් ඔහු අත වුන මධුවිත බඳුන් පසෙකට කර ඔහුව අල්වාගත්තා.




" කුටිය වෙතට යමු...සෙම්පතිතුමනි... ඔබතුමා විඩාවින්.... "







ගාරම්ගේ දිගු කෙස් වැටියෙන් හමන සුගන්ධය සොක්ජීන්ගේ හද පුරාවට පැතිර ගියා. සොක්ජීන්ගේ දෑතකට යාව තිබුන ඇගේ සියුමැලි දෑත සහ ඔහුගේ බඳ වටා වුන ඇගේ දෑතෙහි උණුසුම වෙතට සොක්ජීන් ඇලුම් කලා.

ඇගේ කුටියේ සයනය වෙතින්⁣ සොක්ජින් ව හිඳ වු ගාරම් ඔහුගේ සේද ලිහිල් කර දැමුවා. සොක්ජින්ගේ උඩුකය වැස්ම ඉවත් කල ගාරම් සයනයෙන් නැගිට ගොස් දීප්තිමත් පහන් සියල්ල නිවා දමා කුටිය අඩ අඳුරකට ගෙන ආවා.

මේ සියල්ල ම සිදුවන තෙක්මත් ගාරම්ගෙන් තම දෑස් වෙනතකට ගැනීමට සොක්ජීන් හට නොහැකි වුනා.

උණුසුම් ජල බඳුනක් රැගෙන පැමිණි ගාරම් සොක්ජීන්ගේ දෙපා දොවන්නට පටන් ගත්තා. තම දෙපා අසළ හිඳින ගාරම්ගේ රැව සොක්ජීන්ව තවත් වේදනාවින් පෙළිමට සැලැස්වුවා.

තමා වෙතට වුන ඒ පළිඟු දෑස්වල සිනහවත් දිස්නයත් සොක්ජීන් හට හොඳින් ම දැනුනා.

COURTESAN OF THE PALACE || KSJ || COMPLETED Waar verhalen tot leven komen. Ontdek het nu