(12) සිත්තම

Start from the beginning
                                    

" තනිකමින් ගෙවන දිවිය නුඹ නිමා කරනු දැකීම නුඹේ පියාණන්ටත් සැනසීමක් වනු ඇත.. පුතුනි.. එමෙන්ම.. මගේ දියණිය.. ඒ සඳහා නුඹට උපකාර වනු දැකීමෙන් මා හට ද එය සතුටක් වනු ඇත... "


හද මතින් විසල් සිරවීමක් මතු වුන නිසා සොක්ජින් මධුවිත පානයක් ලබාගත්තා. ප්‍රධාන අමාත්‍යගේ සංඥාවකින් ඔවුන් වෙත ඇවිද ආ තරැණිය සිනහවක් සමඟින් ප්‍රධාන ආමාත්‍ය අසළින්ම අසුන් ගත්තේ සොක්ජීන් ඈ ⁣දෙස බලන විටයි.





" සෙම්පති සොක්ජීන්... මේ මගේ එකම දියණිය කී බ්යොල්නරි..... "




( Ki Byeol Nari )

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

( Ki Byeol Nari )













තමා ඉදිරියේ අසුන්ගෙන පියකරැ ලෙස සිනාසෙන තරැණිය දෙස සොක්ජින් බලා සිටියා. සිත නොසන්සුන් ලෙස සිර වී ඇත්තේ මන්දැයි සොක්ජීන් හට නොවැටහුනා.

සඳ නැගි අහස්කුස තුල දිලෙන විට ආමාත්‍ය මැඳුරෙන් පිට වුන සොක්ජින් කඩවිදිය දිගේ ඇවිද ගියේ තම අසුත් සමඟයි.

නොදන්නා හැඟිම් සමුදායක බරින් තෙත් වී ගිය හදකින් සුසුම් ගැනීම සොක්ජීන් හට මඳක් නොහුරැ වේදනාත්මක දෙයක් වුනා.

නීල වර්ණ අහස් ගැබේ තනිව වැජබෙන සඳත් පාලු වී ඇති කඩවිදීයත්.. තම අසුගේ කුර දෝංකාරයත් එයටම හවුල් වී තිබුන අතර සොක්ජීන් වටා තනිකම මුසු වුන සුළං රැලි සිත් සේ දඟ දැමුවා.

සිරැර පුරා දැවටී ගිය සිසිලස මුසු වුන හුස්මක් ගත් සොක්ජීන් තම අසු පිට නැගුනේ තම ගමනාන්තය ගැන හරියාකාරව දැනගෙනයි.

කඩවිදිය ඔස්සේ හැල්මේ ඇඳි ගිය සොක්ජීන් තම අසු නවතාගත්තේ දල්හ්වජේ පිවිසුම අසළයි. සංග්‍රහා මැඳුර වෙත ගිය සොක්ජීන් මධුවිත බඳුනක් දෑතට ගෙන එය එකවරම පානය කර දැමුවා.

COURTESAN OF THE PALACE || KSJ || COMPLETED Where stories live. Discover now