(07) අනුවණ වදකාරිය

Começar do início
                                    

ඔහු හැකිතාක් පුංචි සොක්ජින් සමඟින් හිඳිමට වෙර දැරැවත් ඔහුගේ රාජකීය තනතුර හා බැඳුණු වගකීම් සෙම්පති කිම්ව ඔහුගේ පුතුගෙන් ඉවතට ගැනීමට සමත් උනා.

සෙම්පති කිම් උදෑසනම මාළිගය වෙත යාමට සැරසුනේ එවක අධිරාජ්‍යයෙහි පැවති යුධමය වාතාවරණය පිළිබඳ පිළිසඳරක යෙදිමටයි.

පුංචි සොක්ජීන් මැඳුර ඉදිරියේ වු පොකුණු පඩිය මත හිඳ ගෙන හැල්මේ පිහිනා යන මාලු පැටවුන් දෙස බලා සිටියා.

පිටතට පැමිණි සෙම්පති කිම් ඒ දසුනින් දුක්බර සුසුමක් ලබාගත්තා. තම පුංචි පුතු වෙත ඇවිද ගිය සෙම්පති කිම් සිනහාවක් සමඟින් ඔහු ඇමතුවා.


" සොක්ජීන්... මාළිගයට යාමට ප්‍රිය නැති ද.. ? එහි කිරැළ හිමි කුමරැන් නිසැකව ඔබට කදිම මිතුරෙකු වේවි.. ! "



තම පියාණන්ගේ සිනහාමුසු වත දැක සොක්ජීන් ඔහු වෙත සෙමින් සෙමින් ඇවිද ගියා.

පුංචි සොක්ජින් තම පියාණන්ගේ දැඟිලි තද කොට ගෙන විසල් මාළිගයේ ද්වාර තුළට පිවිසුනා. ආරම්භයේ සිටම තම පියාට මිනිසුන් දක්වන ගෞරවය දෙස සොක්ජීන් හොඳින් බලාසිටියා.

සෙම්පති කිම් හමු වන ආමාත්‍යවරැ සමඟ කතා බහක යෙදෙන අතරේ සොක්ජින් අවට නැරඹිමට යොදා ගත්තා. නොදැනුවත්ව තම පියාණන්ගේ ග්‍රහණයෙන් ඉවතට පුංචි සොක්ජීන් ඇඳි ගියේ පාවි යන පුළුන් රොදක් නිසයි.

⁣පුංචි සොක්ජීන් පාවි ගිය පුළුල් රොද හඹා ගොස් එය ඔහුගේ කුඩා දෑත් අතරට සිර කරගත්තා. සිහින් සිනාවක් ඔහුගෙ මුවඟ නැගුන අතර ඔහු පුළුන් රොද දැක ගැනීමට කුඩා දෑත් විවර කර විටම නැවතත් එය සුළඟ ඔස්සේ යාමට පටන් ගත්තේ පුංචි සොක්ජීන් ව ඒ පසුපසම පන්නාගෙනයි. පුළුන් රොද තමාව රැගෙන යන්නේ කිනම් ස්ථානයකට හෝ නැත්නම් තමා පියාණන්ගෙන් බොහෝ දුරකට පැමණ ඇති වග පුංචි සොක්ජීන් හට නොවැටහුනා.


පුළුන් රොද පාවි ගොස් මාළිඟ කෙලවර වු ගංඟාව මත පතිත වුනේ පුංචි සොක්ජින් ඒ දෙස බලා හිඳින විටමයි.

" ඕ...නුඹ දුෂ්ට ගංඟාව....!!! "



" එය මගේ.... !!! "


COURTESAN OF THE PALACE || KSJ || COMPLETED Onde histórias criam vida. Descubra agora