"හේයි... පොඩ්ඩක් ආදරේ කරපන්කො අරාබියන් ඔටුවෝ..."
"මට බෑ ඉතියෝපියන් මී යෝ..."
"මටද මීයා කිව්වේ"
"කණ්නාඩියෙන් බැලුවොත් පෙනෙයි..."

මම ආයෙත් උයන්න ගියා ඔක්කොමත් ඉවර කරලත් වනිශ් එළියට ආවේ නැති නිසා කාමරේට ගියෙ.

"හරි හරි මම තියන්නද දැන්"
"ඕහෝශ් ඔලුව කන්න එපා..."
"තේරුනා..." වනිශ් කතා කරේ අමනාපෙන් වගෙ එකත් මිමිනුවා වොශ් රූම් එක ඇතුලෙ. එක අහන්න ඉන්න ඕනේ වුනත් වතුර එක උණු වුන නිසා කුස්සියට ගියා..

"ම්ම්ම්ම්... සුදු උම්මා එක..." කල්පනාවේ හිටිය මගෙ බෙල්ලට සීතලක් දැනෙද්දී වනිශ් මාව පිටිපස්සෙන් බදාගෙන.

"ම්ම්ම්... රසයි..." නැගිට්ට ගමන්ම මගෙ බෙල්ල කිස් කරන ගමන් වනිශ් කියනවා

"නිකන් ඉන්න වනිශ් ආ තේ එක. තව ටිකකින් කමු..." මම තේ එක පෙන්නද්දී වනිශ් ආයෙ මගෙ මූණට එඹුනා.

"හේයි මොකක්ද අවුල කියන්න. ඔයා මොනවා හරි හිතනවා නේද?"
"වොශ් රූම් එකෙ අර රහසින් කතා කරේ කා එක්කද?"
"අයියෝ සස්... මොකද අනේ මේ..."
"මම අහපු එකට උත්තර දෙන්න වනීශ්.."
"අම්මා..."
"ඇයි හොරෙන්.."
"හොරෙන් නෙවේ එයා මට බනිනවා. ඉතින් එවා ඔයාට අහන්න දෙන්න කියලද කියන්නෙ."
"මොනවද දැන් කිව්වේ."
"වීරසිංහ කියලා සතියෙම මම ආවේ නෑ කියලා."
"ගොන් වැඩනෙ වනීශ් ඔයා කරන්නෙ.. වැඩට යන්න ඕනේ. පවුලෙ ප්‍රශ්න පවුල ඇතුලෙ. ඔෆිස් එක ඔෆිස් එකෙ. පිට ප්‍රශ්න පිට." මම දේශනා දුන්නා.

"ඉතින් මට මගෙ පවුල වැදගත් නිසයි මම සතියෙම නිවාඩු ගත්තෙ."
"ඇයි පවුලට මොනවා වෙලාද?"
"පවුල ගියානෙ අයියෙක් එක්ක ගමේ නොකියම..."
"මම පවුල නෙවේ පිට වනීශ්..."
"තමුසෙගෙ ඔය කට පොඩ්ඩක් හදා ගන්නවා සස්... පිට නම් තියාගන්න මෙච්චර කටු කන්නෙ නෑ.."
"එත් ඔයාට..."

"සුදු.. පිලිස්. අද ඉමුද සතුටෙන්. ඔයාට දේශනා දෙන්න වෙන දවසක නිවාඩුවක් මම දෙන්නම්... එනිවේ මැණික තේ එක ෆට්ට... උම්ම්ම්ම්ම්ම්මාහ්" නලලට කිස් එකක් දීලා එයා ගියා. තව ටිකකින් කනවා කියලා මම කිව්ව නිසාම මමත් ගියා සැටියට.

"සුදු..."
"ම්ම්ම්ම්"
"මට ඊයෙ හොදට නින්ද ගියා." වනිශ් මගෙ උරහිස්ස වටෙන් අත දාලා එයාට ලං කරගත්තා.

💙ඔබ අභියස🖤 (Complete)Where stories live. Discover now