ටික ටික වේලාව ගෙවුනා අඩෝ රෝමැන්ටික් නෙවේ උට්ටෝ සමසිරි කතාවක් ඒ මිනිහා රජා එක්ක නිදාගන්නවා. සැක් ඒ මදිවට රජා රැජිණව ඌට කියලා බඩ කරවන්න හදනවා. මේක අමුම අමු සෙක්ස් එකක් කියපන්කො. කවුද බල්ලෝ මේවා රෙකමන්ඩ් කරේ සෙනිකව කපනවා. හැබැයි දැහැමි මගෙ හිතේ සුට්ටක් හැගීම් ඇවිස්සුවා වගෙත් වෙලා..

වට්සැප් එකෙ මොකෙක්ද මන්දා මැසේජ් දානවා දානවා ඉවරයක් නෑ...

විහාරා -
අයියෙ කෝ ඔයා
මට ඉක්මනින් කෝල් එකක් දෙන්න
අයියෙ..

විහාරාගෙ මැසෙජ් වැඩි නිසාම මා යටට යටට ගියා. ඒකෙ තිබ්බේ fb මැසේජ් ස්ක්‍රීන් රේකෝඩ් එකක්.. සෙනෙශ් කියලා කොල්ලෙක් දාපු මැසෙජ් මට මේකිට කොල්ලො එව්ව මැසේජ් මොකට එවනවද මන්ද. ටිකක් වෙලා යද්දී ආයෙ මේකි කෝල් එකක් ගත්තා

"කියන්න විහාරා. මම මේ දැන් මැසේජ් දැක්කෙ.."
"මම එව්ව රේකෝඩ් එක බලලා මට කෝල් බැක් කරන්න..." කෙල්ල එහෙම කියලා ෆෝන් එක තිබ්බා. මගෙ මොකක් හරි වැරැද්දක්වත් වෙලාද

මම රෙකෝඩින් එක බැලුවා.එකෙ තිබ්බේ

සෙ - ඔයා සස්වීකගෙ කවුද?
වි - ඔයාට මොකටද?
සෙ - මගෙම නංගි වගෙ අනුකම්පා කරලා කියන්නෙ එයාගෙන් ඈත් වෙන්න
වි - ඔයා කවුද මට එහෙම කියන්න
සෙ - මට ඒකට අයිතියක් තියෙන නිසා
වි - මොකක්ද?
සෙ - ඌ කොලුකාරයෙක්. මටත් කෙලවලා ඉන්නෙ ඕකා.
වි - තමුසෙ පිස්සෙක්ද ඕයි
සෙ - මම මම ඔව් මම පිස්සෙක්. ඌට ආදරේ කරන පිස්සෙක්.

විහාරා එතනින් මැසෙජ් කරන එක නවත්තලා. මේ වනීශ් ගොඩාක් දුර යනවා... මම විහාරාට කොල් කරෙ උත්තර නැති ප්‍රශ්න ඔලුවේම වැඩ කරද්දී

"හලෝ විහාරා."
"ඕක ඇත්තක්ද අයියෙ..." ඒ හීනි කටහඩට මට බොරු කියන්න බෑ. එත් නොකිව්වොත් මම කැම්පස් එකෙ කොලුකාරයෙක් වෙනවා. මම මොකක්ද කරන්නෙ.

"මම කාටවත් ඔහොම දෙයක් කරලා නෑ නංගා..."
"මම දන්නවා."
"මොකක්ද?"
"ඔයාට එහෙම කරන්න බෑ. ඔයා කොලුකාරයෙක් වුනත් මට ප්‍රශ්නයක් නෑ අයියා.."
"මොකක්"
"හේයි මේක 60 දෂකෙ නෙවේ. එත් ඔයා දන්නවද ඔය මැසේජ් කරපු එකා අදමයි එකවුන්ට් එක හදලා තියෙන්නෙ..."
"කවුද දන්නෙ නෑ..."
"කවුරු වුනත් සක්කිලියෙක්. අයියෙ ඔය කියන විදියට එයා ඔයාට ආදරේ කරා නම් ඔහොම කරන්නෙ නෑ."
"නංගා..."
"ඔයා ඕවා හිතන්න එපා හරිද මම ඌ එක්ක හෙන කේන්තියෙන් ඉන්නෙ... අපි පස්සෙ කතා කරමු. හොද ලමයා වගෙ කාලා නිදාගන්න... ගූට් නයිට්..."

💙ඔබ අභියස🖤 (Complete)Where stories live. Discover now