02

330 77 13
                                    

Friendship is more pure, more protective and valuable. Anyone cannot underestimate it, But power can.
______________________________________

වසර 1250කට පෙර අමාවක රැයක්

බ්ලඩ් මූන් පැක්හි මාළිගයේ තිඹිරිගෙය වඩාත් කාර්යයබහුල වී තිබුණි. එහෙ මෙහෙ දුවන හෙදියන්ගේ කළබලය මාළිගාවේ සුලු සේවකයාගේ සිට රජතුමා දක්වා පැතිර තිබුණි..... කුටීර දෙකක ඇඳන් දෙකක් මත වැතිර් සිටින තරුණ වියේ පසුවන ඇල්ෆා ශී වුල්ෆ් කෙනෙකු සහ ගැහැණු වැම්පයර් කෙනෙකි...... ඇල්ෆා ශී වුල්ෆ් වේදනාවෙන් කෙදිරිගාමින් සිටි අතර ඇයගේ තත්වය බරපතල බව වෛද්‍යවරියන් රජුට දන්වන ලදි.....

"රජතුමනි, රැජිනගෙ තත්වය ටිකක් භයානකයි..... ඇයට මේ ප්‍රසූතිය දරාගන්න බැහැ..... ඔබතුමාට කුමාරයා හෝ රැජින අතරින් එක් අයෙකු තෝරාගැනීමට සිදුවෙනවා....... අපි හැකි උපරිමයෙන් උත්-"

"රැජිනව බේරාගන්න"

වෛද්‍යවරිය පවසමින් සිටි සියල්ලට සංසුන්ව කන් දුන් රජු අවසානයේදී තමන්ගේ තීරණය ලබා දුන්නා.......

"ඒත් කුමරුන්-"

වෛද්‍යවරිය පැවසීමට ගියත් රජු ඇයව නැවැත්තුවා.....

"කියන දේ කරනවා......"

ඔහු තමාගේ ඇල්ෆා හඬින් අණ කළා.....

"හොඳමයි රජතුමනි......"

බියවූ වෛද්‍යවරිය වහා හිස නවා තමාගේ යටහත්බව පෙන්වමින් පැවසුවා......

"එල්සට කොහොමද?"

ඔහු විමසුවේ තමන්ගේ අනෙක් ගැබිණි බිරිඳව මතක් වීමෙන්.....

"ඇය සහ ඇගේ දරුවා ඉතා හොඳින් රජතුමනී...."

ඇය තවත් ගෞරවයෙන් පැවසුවා......

.
.
.

ලීසා පසුවූයේ ප්‍රසූත වේදනාවෙන්..... ඇය සිහියත් අසිහියත් අතර දෝළනය වූ අතර දරුවා පිටතට පැමිණීමට පහසු වෙන පරිදි වෛද්‍යවරුන් ඇය වෙත ඖෂධ ලබා දෙමින් සිටියෝය.

"ඔහු මොකක්ද කිව්වේ.....?"

ලීසා විමසුවේ මලානික බැල්මක් වෛද්‍යවරිය වෙත හෙළන ගමන්.....

"එතුමා ඔබතුමියගේ දිවි ගලවාගන්නා ලෙස අණ කළා රැජිනියනි......"

වෛද්‍යවරිය යටහත්පහත්ව පැවසූවා......

DOUBLE  MATES ( ටේකුක් )Where stories live. Discover now