'මම මෙච්චර ආදරේ කරන්නෙ මොන වගෙ මිනිහෙක්ටද? මට වැරදි කරන කරන පාරට මගෙ හිත රිදෙන රිදෙන පාරට ඇවිත් බටර් ගෑවාම අහුවෙන්න තරම් මම ලේසි මිනිහෙක් වෙලා. සමසිරි වුනත් නැතත් වනිශ්ට මම කවුද? මුලින්ම තිබ්බේ අනුකම්පාවක්ලු. ඇයි දෙයියනෙ මම වැස්සට තෙමන අව්වට වේලෙන හොරිකඩ බල්ලෙක් වගෙද පේන්නෙ ඌට.'

"යාආආ" මම කොණ්ඩෙත් අල්ලන් කෑ ගැහුවේ අලුත ඉපදුන පොඩි එකෙක් වගෙ. දොරට කවුද තට්ටු කරපු නිසා මම බැලුවා

"සස් වරෙන් කාල යමු..." සදරුවා ඇවිත් තිබ්බේ. අර අලි ඔලුවා නෑ. බලු කුක්කට කන්න දෙන්න සර්වන්ට් කෙනෙක් එවලා...

"යමන් යමන්... මම මූණ හෝදන් එන්නම්.." මම වොශ් රූම් ගියාට පස්සෙයි බෙල්ලෙ මාක්ස් ටික දැක්කෙ. හොද වේලාවට අරූ ඔක දැක්කෙ නෑ නැත්තම් සායම හේදෙනවා.

"මොකො බං උඹයි අරුයි වෝනයි ධනායි වගෙ..."
"මොක්කද?"
"වනීශයයි උඹයි... නිතරම ඇරියස් එකටනෙ.."
"ඉතින් ඌ උඹ එක්ක මහේලයි සන්ගායි වගෙද?"
"නෑ හැබැයි..."
"එනම් කටයි පුකයි වහන් ඉදපන්"
"ඔය ආදරේට අහපු මට ඔහොම කතා කරන්නෙ.." සදරුවා මූණත් දෙක කරගෙන අහනවා.

"ආදරේට කන්න අරන් දීපන් ලේ රත් වෙන එවුන් ගැන නොකියා..."

මම කොච්චර කරත් වට පිටේ වනිශ්ව හෙව්වා. පස්සෙ ස්විමින් පූල් එකට වෙලා කෝල් එකක. අමුතු ඇක්ෂන් දාදා. මොකක් හරි අවුලක් තියෙන බව දන්නවා වුනත් මම හිතන්න ගියෙ නෑ.

අද නම් සෙට් එකම ඉන්නවා. ශාමන් කාරයට නෝණ්ඩි වෙන්නත් බෑ. ඇගට ඇල්ලුවේ නැතත් නිකන් හෙන පොශ් පොර වගෙ ගෑරුප්පුවෙන් කෑවා. මට මේවා නතින් එත් අතින් කනවා වගෙ නෑ අප්පා. අරූ ආව මූණේ කිසිම හොද මූණකින් නෙවේ මමත් ඉක්මනින් ඉක්මනින් කාලා නැගිට්ටේ ආයෙ ඕකා ඔරෝනො බලන්නෙ මොකටද කියලා හිතලා.

මම ලෑස්ති වෙලා බඩුත් අරන් පහලට එද්දී දැක්කෙ විදලා පිඹලා යන වනිශ් ව. මම ඌ එක්ක ආවේ නැති ගානට ඌ යනවා. වල් පරයා.

"අඩෝ සස්.. වරෙන් ඉක්මනින් යමු.." අනික් ඌන් එක්ක වෑන් එකට නැග්ග මම ජනේල්ලෙ ලගම ඉද ගත්තා. දැන් 8ටටත් ලගයි. මගෙ හිතේ උඩ දිව්වේ එකම දෙයයි...

💙ඔබ අභියස🖤 (Complete)Where stories live. Discover now