අත ගගා හිටිය එයාගෙ වටලප්පම් එකත් මමම කාලා බඩත් උස්සන් නැගිට්ටා.

"දැන් යමුද?" මම ඇහුවා.
"තමුසේ මාවත් කනවකෝ ඕයි..."
"මම ඌරෝ කනවා තෙල් කෑලි වලට වැඩිය ඉන්ටරේස්ට් නෑ..." මම ෆයිල් ටිකත් අරන් එළියට ආවා

"සැක් ෆෝන් එකත් නෑ." මම මටම කියාගන්න ගමන් ඇගේ හිරි කැඩුවා.

"මෙන්න මෙහෙ එනවා... කටවත් පිහදගන්නෙ නෑ. ඩිසිපිලින් 0වයි ආ"
"ඉතින් මගෙ පස්සෙ වැටෙන්නෙ නැතුව යනවකො යන්න. මම ඉන්නෙ මට ඔනේ විදියට ලබ්බ.."
"කට වැඩියි සස් තමුසෙගෙ."
"මගෙ එවායෙ අඩු වැඩිය මනින්න තමුසෙ කවුද?"
"මම තමුසෙගෙ මිනිහා.."
"තමුසෙ මාව කසාද බැදලා වගෙ නෙවේ වනිශ්." මම ගහගන්නම කතා කරා...

"සර්.. හොටෙල් එකෙ ceo අවා." සදරු එද්දී වනිශ් හිටියෙ මගෙ බෙල්ල මිරිකන්න වගෙ බෙල්ල අල්ලන් ඉද්දී. අද දවසට දෙපාරක්ම මූට මාට්ටු වුනා.

"මූන් ඔක්කොම එකයි." මගෙ බෙල්ල අත්තැරලා වනිශ් කියවගෙන යන්න ගියා...

"ඒ ඇයි බං බෙල්ල මිරිකුවේ..."
"මගෙ අතින් ෆෝන් එක වැටුනා එකෙ ඔඩිට් එකෙ ඩිටේල්ස් තිබ්බා."
"අෆ්ෆට මිනිසා සාධාරණයි..."
"හුම්ම්."
"පරිස්සම් වෙයන් එකවුන්ට් වගෙ ලේසි නෑ ඔඩිට්..." ලබ්බ තොපි චෙක් කරන පතරන්ග ජාතකේ හදන්නෙ අපි බල්ලෝ... වරෙන් ලේසිය පෙන්නන්න.. මම ඉතින් කියන්න ගියෙ නෑ හිතින්ම හිතා ගත්තා.

"යමන් යමන්..." මම ඇතුලට ආවාම වනිශ් මගෙ දිහාවට අත දිග් කරා

"හලෝ මම මිස්ට ශාමන්." ඒ මිනිහා මට අත දිග් කරපු නිසා මාත් අතට අත දුන්නා. ඒ බලල් ඇස් හෙනම ලස්සනයි. කොණ්ඩේ කොටටම කපලා උඩට පීරලා මට වඩා ටිකක් උස නෝර්මල් ඇගක් තිබ්බේ එයාට...

"මම සස්වීක..."
"නයිස් ටූ මීට් යූ සස්... අයි මීන් සස්.. සස්..."
"සස්වීක... ඔයා සස් කියලා කතා කරන්න.." මම හිනාවෙලා කියද්දී මිනිහත් අපහසුවෙන් වගෙ හිනා වුනා. හිනාවෙද්දී ඇස් දෙක පුංචි වෙනවා. කියන්න කැමති ටිකක් එහා පැත්ත බලද්දී එකෙක් ගිනි ගන්නවා. ශාමන් තාම අත අතඇරලා නෑ.

"ඉතින් ශාමන්... අපි ඔඩිට් එක ගැන කතා කරමු නේද?" වනිශ් එක පාරටම කියද්දී ශාමන් මගෙ අත අත්තැරියෙ ශොක් වෙලා වගෙ.

💙ඔබ අභියස🖤 (Complete)Where stories live. Discover now